(චමිල් රූපසිංහ)
මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 15842ක් අත් අඩංගුවට ගත් බව ගම්පොල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරිහු පවසති.
ගම්පොල විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළේය.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ගම්පොල ප්‍රාදේශීය කාර්‍යාලයේ සහකාර කොමසාරිස් එස්. කේ. ටි. පි. සිරිවර්ධන මහතා එම කසල තේ ගබඩාව ලියාපදිංචි නොකල ආයතනයක් බවත් එම තේ මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද යන වග රසායනාගාර පරීක්ෂණයක් කරන බව ද සදහන් කළේය.

COMMENTS
මෙයින් විපසුම් ඇසක් ඇතුව බැලුවොත් පේනවා කසල තේ මිනිස් පරිභෝජනය සදහා සුදුසුයී කියන තත්වයක් .එහෙනම් මේවා අල්ලාගෙන මොකද කරන්නෙ ඇත්තටම ලියාපදිංචි තේ ගබඩාවකට කසල තේ ගෙනවිත් හොද තේ වලට මිශ්‍ර කරල ISO සහතික යටතේ සිලෝන් තේ නමින් රට යවල මුදල් උපයන්න හැකියි නේද .මතක තියාගන්න එහෙම වුනොත් සිලෝන් තේ වලට කණකොකා හඩන්නත් පුළුවන් කියලා (දසක පහකට පමණ පෙර ගම්බද පොලවල් වල දිගු දඩු සහිත කර්මාන්ත ශාලාවල ඇඹරීමට අපහසු නිසා ඉවතදමන කොටස් නටුතේ කියලා විකිණීමට තිබුනා දුප්පත් මිනිස්සු ඒවා තම්බලා බිව්ව මොකද ඒ කාලයේ තේ කොල ටිකක් ගන්න ප්‍රධාන නගරවල හැරෙනවිට අනෙක් වෙළදපොලේ තිබුනෙ නැහැ ඒ කාලයේ කුඩා තේවතු නැහැ )