(ඩයනා උදයංගනී)
විදුලිබිල වැඩිකළහොත් ඉන් වඩා පීඩාවට පත්වන දිළිඳු ජනකොටස්වලට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂය භාර ඇමති කාංචන විජේසේකර මහතාට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව වඩා පීඩාවට පත්වන ජනකොටස් වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් සැකසෙනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.
විදුලි බිල සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්වය ඇමතිවරයා රටට හෙළි කර තිබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
දැනටමත් මැති ඇමතිලා රාශියක් විදුලි බල මන්ධලයට බිල නොගෙවා පොලු දාල. ඔවුන්ට දැනටමත් මේ සහනය ලැබනවා.
විදුලි බිල වැඩි කිරීමෙන් සියළු දෙනාම පීඩාවට පත් වෙනවා. එබැවින් සියලු දෙනාටම සෙත් සැලසෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.
ලයිට් බිල වැඩි කළොත් වැඩි වුන ගාන ගෙවන්නේ නැහැ . එතකොට ලයට් කපන්න ආවොත් එයාල ගැන අපි වග බලාගන්නම් . අන්න ඒකට පිලියම් දැන් ම හොයා ගනිල්ලා .
හෙළයේ, යක්ඛ දූ පුතුන්ට ඔය විදුලියෙන් වැඩක් නැහැ. කන්න නැතත්, දැන් ඉන්න රටක් තියනවා. එදා ලාම්පු පත්තුකරගෙන සිටි ඒ අතීතය කෙතරම් සුන්දරද? නැවත අපි ඒ යුගයට යා යුතුයි. අපි අපේ අනන්‍යතාවය ලෝකෙට ආඩම්බරයෙන් පෙන්වන්න ඕනා අන්න එහෙමයි, කාටද ආඩම්බර??
මරු ජනාධිපති.යකෝ වැඩි කරලා පස්සෙ සහන සලසන එක නෙමෙයි කරන්න තියෙන්නේ.වැඩි නොකර අර සහන ටික විදුලි බල මණ්ඩලයට දෙන එකයි කරන්න තියෙන්නේ
ශීතකරණයක් තියෙන සාමාන්‍ය පන්තියේ පවුලකට මසකට දැනට රුපියල් 10000.00 ක බිලක් ලැබෙනවා. ආදායම රුපියල් 30000.00 සිට 40000.00 ක්. පොල් කඩන කෙනෙකුට මේ දවස්වල ලොකු මුදලක් සොයා ගන්න පුළුවන්.. ඇත්තම කරුණ ප්‍රභූවරු ඔවුන්ට එතනෝල් බොන්න පුරුදු කරලා. මේ යුගයේ ඒවා විකුණන අය ගොඩනැගිල්ල වටේට කැමරා සවිකරගෙයි ව්‍යාපාරය කරගෙන යන්නේ... සාමාන්‍ය මැද පෙළ පවුල් වලට හිඟාකන්නයි වෙලා තියෙන්නේ. ඒ ගැන සොයා බලන්න කවුරුත් නැහැ.