(ඩයනා උදයංගනී)
ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය අද (7) සවස් වන විට සුළි කුණටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය හෙට (8) වනවිට තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර, උතුරු, උතුරුමැද පළාත්වල හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හා තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක් කරයි.
COMMENTS