(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අයවැයෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමිවනු ඇත.
පාර්ලිමේන්තුව අවසන් වශයෙන් ලබන 13 වැනිදා රැස්වීමෙන් පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි 17 වැනිදාය. එය නව වසරේ පළමු රැස්වීම වේ
අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම ( තෙවැනි වර කියවීමේ ඡන්දය) අනිද්දා (8) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය 9 වැනිදා සිකුරාදා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඊට පසු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීම පාර්ලිමේන්තුව ලබන 13 වැනිදා අඟහරුවාදා දවස පුරා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
COMMENTS
දවසකට මිලියන නවයක් කාබාසිනියා කරන තැනක් නේද? සඳහටම වසා තැබුවොත් හොඳ නැද්ද?
ඕක හැමදාම වහල තියන්න ඔතන ඉන්නෙ හොරු කප්පමි කාරයො, මිනිමරුවො. රට කාපු හැත්ත.
වරෙල්ලකො දැං ගමට. අපි බලාගෙන ඉන්නෙ .
අනේ පව්. ඒ ගොල්ලන්ටත් අපිට වගේ පඩි රහිත නිවාඩු වෙන්න ඇති !
මාසයක් හරි කනක් ඇහිල ඉන්න තියෙනවා නම් මදෑ.
රනිල් මේක පඩි රහිත, දීමනා රහිත නිවාඩුවක් කරන්න... එතකොට ඔතන ඉන්න අයගේ කෙරුවාව බලාගන්න පුළුවන්..!