(ඩයනා උදයංගනී)
දුම්රිය සේවය කිසිවිටෙකත් පෞද්ගලීකරණය නොකරන බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කර එය ලාභ ලබන තත්වයට ගෙනඒමට බලාපොරොත්තු වන බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දෙපාර්තමේන්තුවක් ලෙස තීන්දු තීරණ ගැනීමේදී අපහසුතා පවතින නිසා අධිකාරියක් බවට පත්කිරීමට පියවර ගන්නා බව කී ඇමතිවරයා දෙපාර්තමේන්තුවක් ලෙස තිබූ වරාය ද අධිකාරියක් කිරීමෙන් පසු ලාභ ලබන තත්වයට පත්ව ඇතැයි සඳහන් කළේය.
දුම්රිය මාර්ගවල ඇතැම් පීලි අවුරුදු 10ත් 40ත් අතර පැරණි ඒවා නිසා පීලිපැනීමේ අවදානමක් පවතින බැවින් දුම්රියවලට වේග සීමා පනවන්නට වී ඇතැයි කී ඇමතිවරයා දුම්රිය මාර්ග පද්ධතිය අලුත්වැඩියාකිරීම සඳහා ඉන්දියාවෙන් ණය යෝජනා ක්‍රමයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
දුම්රිය අලාභ නොවී පවත්වාගෙනයාම සම්බන්ධයෙන් මේ වන විටත් ඉංජිනේරුවරුන්, නියාමකවරුන් ඇතුළු පාර්ශව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඇමතිවරයා කීවේය.
COMMENTS
තවත් ණය ගන්න හදනවා 50% පවුලේ වියදමට දෙන්නද? මෙතෙක් කලක් කරෙත් ගොට්ට අල්ලන එකනේ අපේ වියදමින්.
අනුන්ට හම්බ කරලා දෙන එව්වො ගෙදර පල.
ලාබ ලබන්නේ කොහොමද බං බොරු නොකියා හිටු. මේකත් විකුණන්න කුමන්ත්‍රණය කරලා මට නම් දැන් තොපි රමට විකුණුවත් කමක් නැහැ.
අනේ බන්දුල ඇමතිතුමා රට තවත් බංකොළොත් කරන්නේනැතුව තොලොංචි වෙලා ගියොත් හොඳයි.