(ඉන්දිකා රාමනායක)
2021 වසර තුළ අධිකරණ මගින් බන්ධනාගාර ගත කර ඇති පුද්ගලයන්ගේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙන බවත්, එම පිරිස 76973 දෙනකු බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.
බන්ධනාගාර ගත කළ මෙම පිරිසෙන් 62426 දෙනකු සැකකරුවන් බවත්, 14547 දෙනෙකු සිරකරුවන් බවට සංඛ්‍යා ලේඛන වල සඳහන් වන බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකානායක මහතා පැවසීය.
බන්ධනාගාර ගත මෙම පිරිසෙක් අවුරුදු 16 අඩු පිරිස 87 දෙනකු, 16-22 අතර 5983 දෙනකු, 22-30 අතර 18377 දෙනකු, 30-40 අතර 26134 දෙනකු, 40 -50 අතර 16541 දෙනකු, 50-60 අතර 7268 දෙනකු, 60-70 අතර 2147 දෙකු, 70 ට වැඩි 436 දෙකු, සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම පිරිසෙන් 1 වසර සිට 8 වසර දක්වා අධ්‍යාපනය ලැබුවන් 51891 දෙනකු සිටින බවත්, අපොස සාමාන්‍ය පෙළ සමත් පිරිස 17616 ද, උසස් පෙළ සමත් 5395 දෙනකු, උපාධීධාරීන් 349 දෙනකු සිටින බව චන්දන ඒකනායක මහතා පවසයි.
COMMENTS
ඒ අර කාලකන්නි 225 න් එකෙක්වත් දවසක් හෝ මහ උළු ගෙදර හිටියද?
මේ අයගෙන් රටට වැඩක් ගන්න පුළුවන්. සුදුසුකම් අනුව. පුනරුත්තාපනය කරන අතරතුර කරන්න පුළුවන්. බරපතල වැරදි නැති පිරිස් යොදවල.
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන් ,දූෂිත දේසපාලුවෝ උන් තමා නියම හොරු.. පින් ජනපතියා ගේ පිහිටෙන් වැජඹෙනවා .හරිනම් සදහටම හිරේ ඉන්ඩ ඔනේ රටට විනකරපු එකාලා?
ඔව් ඉතින්.. පූල් එකේ නාපු එකාවයි ගස්ලබු බෑව කාපු එකාවයි කුදලගෙන ගිහින් ගාල් කරපුවම ඔහොම වෙන්නෙ නැතුව වෙන මොනව වෙන්නද? හොරු එලියෙ.. අසාධාරණයට විරුද්ධව පාරට බැහැපු දුප්පත් මිනිස්සු ඇතුලෙ. . .