(නිමල කොඩිතුවක්කු)

පෙබරවාරි  මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සහ රජය අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි  පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කොළඹදී පැවසීය.

යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මාර්තු 12 ව්‍යාපාරය කොළඹ පදනම් ආයතනයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි  තම සංවිධානය අගමැතිවරයා හමුවී ඉල්ලීමක් කළ බවත් ඔහු සඳහන් කළේය.

නියමිත කාලයට මැතිවරණ පැවැත්විය යුතු බවත් මැතිවරණයට බාධාවක් වන ආකාරයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත හොත් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත්  ඔහු තවදුරටත් කීවේය.