
එල්.පී.එල්. තරගාවලියේ තුන්වැන්න හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු 2022 එල්.පී.එල්. තරගාවලිය නිල වශයෙන් ආරම්භ වූ බව ප්‍රකාශයට පත් කළාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්‍ෂක සමන්ත දොඩන්වල සහ අයි.පී.ජී. සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ අනිල් මොහාන් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
තරගාවලිය ආරම්භ කරමින් යාපනය කිංග්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම් පළමු තරගය සඳහා පිටියට පිවිස සිටිති.
- 213


COMMENTS