(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා ජනාධිපති සමයේ ක්‍රියාත්මක කළ ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා වැය කළ මුදල් ද තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැය කළ බවට ගණනය කර වැරදි පුවතක් සමාජගත කර ඇතැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය.
අදාල ව්‍යාපෘති සඳහා පත්කළ නිලධාරීන්ගේ වැටුප් ද ඇතුළත් කර ගාන හදා අදාල ප්‍රවෘත්ති පළ කර තිබෙන බව කීමෛත්‍රිපාල සිරිසේන මහතා කීය.
වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය.
සතියක් තිස්සේ මාධ්‍ය ආයතන රාශියක් ඉතා වැරදි ප්‍රවෘත්තියක් මා සම්බන්ධ කරගෙන ප්‍රචාරය කළා.
මහින්ද රාජපක්ෂ මහතාගෙත් මගෙත් ඡායාරූප දමා ජනපති කාර්ය මණ්ඩල නඩත්තුවට මිලියන එක්දහස් හාරසිය අසූවක් වියදම් වූ බව පවසා තිබෙනවා.මෙය සත්‍යයක්. මහින්ද රාජපක්ෂ මහතා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ජනාධිපති වැය ශීර්ෂයෙන් 43%ක්ද මෛත්‍රීපාල සිරිසේන 57% ද යොදවා තිබූ බව අනාවරණය වූ බව එම වාර්තා වල දක්වා තිබෙනවා.
තොරතුරු දැනගැනීමේ පනත අනුව ඉල්ලීම් කර තොරතුරු ලබාගත් බවද ඒ ප්‍රවෘත්තියේ දක්වා තිබෙනවා.
මම ජනාධිපති ලෙස කටයුතු කරද්දී ජාතික මට්ටමේ ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කළා.ඒ ව්‍යාපෘති රටේ ජනප්‍රිය වුණා.ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන,ජාතික පරිසර වැඩසටහන,ජාතික වකුගඩු රෝග මර්දන මර්දන ව්‍යාපාරය,ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන,අපචාර වලට ලක්වන දරුවන් බේරා ගැනීම සඳහා ළමයින් රකිමු වැඩසටහන,කාන්තා හිංසනය වැළැක්වීමේ වැඩසටහන,ග්‍රාම ශක්ති වැඩසටහන ආදියට අප වැඩිපුර නිලධාරීන් යෙදෙව්වා.
රජයේ වෙනත් ආයතන වලින් නිලධාරීන් ලබා ගෙන ජාතික වැඩසටහන් වලට බඳවා ගත්තා.වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ද මේ වැඩසටහනට ලබා ගත්තා.
මේ ව්‍යාපෘති සඳහා පත්කළ නිලධාරීන්ගේ වැටුප් සමඟ තමයි මේ ගාන හදලා පෙන්වන්නේ.මට මේකට පරීක්ෂණයක් අවශ්‍ය නැහැ.මේ වැරදි තොරතුරු නිවැරදි කිරීමට කටයුතු කරන්න.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෛත්‍රීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
podiekaa Monday, 05 December 2022 03:53 PM
ඔයාලා ඔක්කොම එකයි. ඔයාට පොහොට්ටුවන්ගෙන් ‘‘ජනාධිපති මන්දිරයක්..‘‘ ලැබුණා නේද? ආප්පකාලා ජනාධිපති වුණා... ජනාධිපතිවෙලා ජනාධිපති මන්දිරය තෑගි ලබාගත්තා...! තව මුකුත් අහගන්න කැමැතිද?
අපිත් කපටියො Tuesday, 06 December 2022 12:21 AM
මෙි දේශපාලන කපටි තුමා මාර්ක් ටයිමි කර කර ඉන්නෙ පුත් කුලකුමාරයයි දුහිතෘ කුල කාන්තාවයි දියවන්නාවට මීළග මහ චන්දෙන් එගොඩ කරන කල්. පුත් කුලයා නං ගොඩ යැවෙයි. කුල කාන්තාවත් එගොඩම තමයි ඉතිං.