IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පාසල් ආපන ශාලාවේ කත දරුවන්ට කුඩු බෙදලා?

(තිලකරත්න දිසානායක)

ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගිය 42 හැවිරිදි කාන්තාවක, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.

පොලීසියට ලද තොරතුරක් මත ආපන ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී මත් වර්ගයක කරල් 38 ක් සහ අයිස් වර්ගයේ මත් පැකට් 5 තිබු බව පොලීසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇති කාන්තාව මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන බවද පොලීසිය සදහන් කරයි.

 



අදහස් (12)

පාසල් ආපන ශාලාවේ කත දරුවන්ට කුඩු බෙදලා?

Nandana Monday, 05 December 2022 03:26 PM

ගල් ගසා මරනු...

:       2       39

fairoosMonday, 05 December 2022 04:00 PM

අපෝ එපා... ශරියා නීතිය කියලා කියයි... හෙටම ඇප දීලා එළියට දාමු.

:       5       19

ගමේ එකාලා Monday, 05 December 2022 03:59 PM

ඔය ගෑණි හම ගහන්ඩ වටිනවා. දරුවන්ගේ ජීවිත විනාශ කරන්න හදන එක මොනතරම් සහගහන අපරාධයක්ද?

:       3       44

විමර්ශනීMonday, 05 December 2022 04:22 PM

කැන්ටිම දීලා ඇත්තේ පාසැලේ බලධාරීන්ට සම්බන්ධයක් ඇති කෙනෙකුට වෙන්නම ඕනෑ... නැත්නම් දේශපාලන හයියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්... එහෙම නැතුව කැන්ටිම බදු ගන්නවා... බොරු ඒ නිසා හොඳින්ම විමර්ෂණය කරන්න ඕනෑ... හරියටම කළොත් දඹුලුත් ගිහිල්ලා තලගොයාත් මරාගන්න පුළුවන්...

:       2       26

Asdla Monday, 05 December 2022 06:12 PM

ප්‍රසිද්ධ ස්ථානයක වෙඩි තබා මරණු. අනිත් අයටත් පේන්නම...!!! 

:       3       18

බද්රානි Monday, 05 December 2022 07:28 PM

මීට වසර කිහිපයකට ඉහතදී මීගමුව ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ නිවසක් නාකොටික් (මත්ද්‍රව්‍ය වැටලීමේ අංශය) ආයතනයේ නිලධාරීන් පිරිසක් වටලා කුඩු සොයා ගත් අවස්ථාවේ, එකල ජනාධිපති හා ඔහුගේ සොහොයුරෙකු හෙලිකොප්ටර් වලින් පැමිණ බේරාගත් බව එහෙම මෙතන ලියලා තියන අය අසා නැතිව ඇති මගේ හිතේ.. ඒ අමනයින්ව රජගෙදරට යවා, හතරගාතෙන් වැටී දණ නමස්කාර කරන අතරතුර, සිල්ලරට කුඩු විකුණන පිරිස් පමණක් හිරගෙදරට යවා හෝ නැතිනම්, ඔවුන්ව එල්ලා මරනු...! කියන්නේ ලොකු තරහවකින් නේද? දැන් ඔය විකුණලා තියන මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනැල්ලා තියෙන්නේත් ඔය විකුණන කෙනාමද?

:       5       36

විපරමා Monday, 05 December 2022 08:54 PM

අපි නම් ඔය ගැන දන්නවා. දූෂිත දේශපාලුවන්ට නීති කිසිවක් අදාළ නැහැ. රටම හොරාකාපු දූෂිතයින් ඉන්න රටේ කවර කතාද?

:       0       0

raheem Monday, 05 December 2022 08:03 PM

පාසල ඇතුළට මත්දුව්‍ය ගේන්න පුළුවන් ආරක්ෂක නිලධාරියගේ දැනුම ඇතුව පමණයි. පළමුවෙන් ආරක්ෂක නිලධාරීන්ව අත්අඩංගුවට ගන්න ඕනෑ...

:       4       11

රසික Tuesday, 06 December 2022 06:44 AM

ඇප නොදී දාන්න. දැං ඕකට සපෝට් කරන ඇමති ට දැං කහඹිලියා වැදුනා වගෙ නලියනවා අැති බේරගන්න.

:       0       1

Bunny Preena Tuesday, 06 December 2022 09:42 AM

පාසලේ විදුහල්පති දැඩි ප්‍රශ්න කිරීමට ලක් කල යුතුයි.

:       0       5

thushara Thursday, 08 December 2022 11:33 AM

මෙතන කමෙන්ට් වලින් නඩුවත් අහලා දඩුවමත් දීලා ඉවරයි. ඒ කාන්තාව අහින්සකයි කියලා අද ඔප්පු උනා.

:       0       2

පැරකුම් Friday, 09 December 2022 12:04 AM

ඔය අදහස් දාපු කවුරු කවුරුත් බද්රානිගෙ කමෙන්ටුව හොදින් කියවා වටහාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 223 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site