IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කුලිය වෙනුවට ගුටි දීලා: අම්බානකට ගුටි කයි

(ඉන්දිකා රාමනායක)

ආබාධිත රියැදුරකු පැදවූ ත්‍රිරෝද රථයකින්  කුළී ගමනක් ගොස් ඒ සදහා වු රුපියල් 2500 ක කුලී මුදල ඉල්ලා සිටි අවස්ථාවේ එම මුදල නොදී අබාධිත රියදුරුට පහර දී පලා යාමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනකු අල්ලා තලංගම පොලිසියට බාරදීමට අවට පිරිස් කටයුතු කළහ.

මෙම සැකකරුවන් කොට්ටාව නගරයේ සිට තලවතුගොඩට යාම සදහා මෙම  කුලී රථයට ගොඩ වී ඇති බවත්, ඔවුන් තලවතුගොඩ ගොස්, බත්තරමුල්ලට පැමිණ, යලිත් කොට්ටාවට ගොස් ඔවුන්ගේ ඉල්ලීමට නැවතත් තලවතුගොඩ ප්‍රදේශයේ බැංකුවක් වෙත පැමිණ ඇත.

බැංකුව අසලට පැමිණි පසු ත්‍රිරෝද රථ රියදුරු සැකකරුවන්ගෙන් ත්‍රිරෝද රථ ගාස්තුව ඉල්ලා සිටි අවස්ථාවේ ඔවුන් පලායාමට උත්සහ ගෙන ඇති අතර ත්‍රිරෝද රථ රියදුරු ඔවුන් සමග පොර බැදීමට යාමේ දී සැකකරුවන් දෙදෙනා රියදුරුට බිම දමාගෙන පහර දී ඇති බවත්ද පොලිසිය පවසයි.

සැකකරුවන් ත්‍රිරෝද රථ රියදුරුට පහර දෙන දුටු බැංකුව වෙත පැමිණි සිටි කාන්තාවක් එම ස්ථානයට පැමිණ සැකකරුවන්ට ට බැන වදිමින් පහර දී ඇති අතර සැකකරුවන් අයට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමට තැත් කිරීමේ අවට පිරිස එම ස්ථානයට එක් රොක් වී ඇත.

එම පිරිස සැකකරුවන්ට පහර දී ඔවුන් අල්ලා ඒ අසල රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් වෙත බාර දී ඇත. සැකකරුවන් කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

 



අදහස් (1)

කුලිය වෙනුවට ගුටි දීලා: අම්බානකට ගුටි කයි

මගියෙක් Saturday, 03 December 2022 11:19 PM

නිර්භීත කාන්තාවටයි, ඔව්න් අල්ලා ගැනීමට උදව් කළ සැමට අපගේ ගෞරවය

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site