IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ජනාධිපති නීතිඥ දිවියේ 50 සපුරයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දේශපාලන හා විවිධ ක්ෂේත්‍රවල නියුතු නීතිඥවරු දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සැමරුම් උත්සවයට සහභාගීවීමට පැමිණි ජනාධිපතිවරයා නීතිඥවරුන් විසින් ඉතා හරසරින් පිළිගනු ලැබීය.

ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, තිලක් මාරපන, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් උත්සව සභාව ඇමතූ අතර ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදු කළේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු මීට සහභාගී වූහ.



අදහස් (31)

ජනාධිපති නීතිඥ දිවියේ 50 සපුරයි

අනිල් Sunday, 04 December 2022 06:26 AM

මේ බොරු ශෝ වලට සල්ලි කොහෙන්ද ? රටේ මිනිස්සුන්ට මේ හෝටලෙන් කන්න හිතන්නවත් පුලුවන්ද.?

:       26       53

විජිත් Sunday, 04 December 2022 06:52 AM

ඔය තියෙන්නේ ගෙඩි පිටින්ම. අනාගතයේදී දවසක සිපිරි ගෙදර කූරු ගනින්න අනිවාර්යයෙන්ම සිදුවන කට්ටියම මෙතන ඉන්නවා.මේ අයට ජම්පර් අන්දලා පුරුදු වෙන්න ඕනත් නැහැ.

:       26       46

senaSunday, 04 December 2022 10:35 AM

මෙයා උසාවියක නඩුවකටවත් පෙනී ඉඳලා තියෙනවද?

:       20       32

fairoosSunday, 04 December 2022 12:38 PM

බමුණාගේ නඩුවට පෙනීසිටියේ මෙතුමා තමයි...

:       20       19

Sunil Sunday, 04 December 2022 07:19 AM

මේ දිවුරුම් දීමෙන් ජනතාවට සිදුවූ සෙතක් නැත.

:       21       38

kamal Sunday, 04 December 2022 07:50 AM

නඩු 50 ක් වත් කතාකරලා තියෙනවද, නැතිනම් මුළු ජීවිතේම මහජන මුදලින් යැපුනද?

:       25       42

Sampath Sunday, 04 December 2022 07:59 AM

ඔච්චර සමරන්නෙ අවුරුදු 50 නඩු කීයක් කතා කරලද??

:       16       39

lakmal Sunday, 04 December 2022 08:03 AM

ලෝයර් කෙනෙක් වෙලා කතා කරපු එක නඩුවක්, කාවද මේ රවටන්නේ.?

:       16       41

nihal Sunday, 04 December 2022 09:26 AM

රට විනාස කල රැල එකතු වෙලා.

:       12       40

Lal Sunday, 04 December 2022 09:46 AM

සුභ පැතුම් ජනාධිපතිතුමනි.!

:       55       42

ලුම්බිණි Sunday, 04 December 2022 09:50 AM

රටට කරපු කිසි දෙයක් නැති එකේ මෙහෙම හරි සමරන්න දෙයක් තියෙන්න එපාය. අමතක උනා. එක්සත් ජාතික පක්ෂය නැති කරපු එකත් සමරන්න වටිනවා.

:       23       40

අමල් Sunday, 04 December 2022 12:25 PM

ජනාධිපතිතුමාගේ ඉදිරි උත්සවය, සාගල හමුවී වසර 55ක් පිරිම නිමිත්තෙන්...

:       19       29

PanikkasSunday, 04 December 2022 01:33 PM

බොරු කියන්න එපා... එතුමාගේ ඊළඟ උත්සවය උසස්පෙළ පාස්වෙලා අවුරුදු 60ක් සපිරීම...

:       15       15

නිමල් Sunday, 04 December 2022 01:26 PM

අනවශ්‍ය පාටිදාන්න තහනම් කළෙත් මෙයාම නේද?

:       9       23

උදය Sunday, 04 December 2022 02:54 PM

තමන්ගේ වෘත්තියෙන් රටට සේවය කරපු මිනිසුන් කොතරම් ඇත්ද? හැබැයි තමන්ට බලය ඇති විට එයාලාම සමරා ගන්නවා. අනේ සංසාරේ...!

:       7       17

අමිල Sunday, 04 December 2022 03:29 PM

උත්සවය සංවිධානය කළේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ කමිටුවක් විසින්. ප්‍රවේශ පත්‍රයක් රුපියල්- 8000. රජයේ මුදල් වැය කිරීමක් නෑ...!

:       10       9

පිටිගල මිලානෝ Sunday, 04 December 2022 03:37 PM

මොනවද කතාකරපු නඩු…? දැනගන්න ආසයි. අපිව අන්දන්න අමාරුයි හලෝ… අපි ඉතාලියේ…!

:       7       12

A9 Sunday, 04 December 2022 04:07 PM

මම රතිඤ්ඤා පෙට්ටි 10ක් ඕඩර් කළා. එකින් එක පත්තු කරන්න බලාගෙන ඉන්නේ චුත වෙනකන්... රටට විනකරපු අය...

:       7       9

විපරමා Sunday, 04 December 2022 04:34 PM

නීති වෘත්තියට අවුරුදු 50ක්ලු. මොනවද දන්නේ නැහැ කෙරුවේ...? දූෂිත පවුල් පාලනේ අයව නම් ආරක්ෂා කරපු බව ලෝකෙම දන්නවා...

:       6       9

ගමේ එකාලා Sunday, 04 December 2022 04:55 PM

පින් ජනපතිගේ නීති දිවියට අවුරුදු 50ක්. ආපසු හැරිලා බැලුවාම කරපු දෙයක් නැහැ. හරියට හොර පෙරකදෝරුවන් වගේ...

:       7       10

අයි නෝ ද ලෝ Sunday, 04 December 2022 04:59 PM

පැරදිලා ගෙදර හිටියානම් මෙලෝ දෙයක් නෑ. පිං ජනපති වෙලා දැන් හැම මගුලකටම බොරු ෂෝ... මෙයාලා එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමම තමයි.

:       5       11

Buddika Sunday, 04 December 2022 05:31 PM

මේවා තමයි රැවටීම් සහ ඇන්දවීම් කියන්නේ... රනිල් ලෝයර් කෙනෙක් වුණාට උසාවිය පළාතක ගිය හෝ නඩු කතාකළ කෙනෙක් නොවන බව රනිල් ගැන දන්න හැමෝම දන්නවා. නීතිය ගැන අවම මතකයවත් මෙයාට තියෙයිද දැන්..?

:       4       11

Rupa Sunday, 04 December 2022 06:04 PM

පින් ජනාධිපතියි, වටේ ඉන්න ගොබ්බ සෙට්එකයි දෙන ආතල් ටික නම් කියලා වැඩක් නෑ...!

:       3       12

නිමේෂ් Sunday, 04 December 2022 06:15 PM

තවමත් කඩේ යනඅය හොඳට බලාගන්න. ඔය ඉන්නේ රනිල්ගේ පන්තියේ කට්ටිය... ඔය ටික බේරගන්න තමයි එයා ආවේ (තවමත් වැඩකරන්නේ). කොච්චර හොරු වුණත් ඒක එයාට අදාල නැහැ. ඔයලා ඔය පන්තියට අයිති නැහැ. ඔයාලගේ පන්තියේ අයව රනිල්ට පයට පෑගෙන පස්පිඩක් තරම්වත් වටින්නේ නැහැ...

:       3       8

supun Sunday, 04 December 2022 06:24 PM

කමෙන්ට්ස් දැක්කාම අපේ මෙන්ටලිටි එක තේරෙනවා. රනිල්ට ලෝයර් කෙනෙක් වෙලා පාටි එකක් හරි දාන්න පුළුවන්... අනිත් අය කොහොමද? අඩුම ගානේ සාමාන්‍යෙපළ පාස්වෙලා කියලාවත්...

:       6       7

ranjith Sunday, 04 December 2022 07:12 PM

සේනානායකලා, ලලිත් ඇතුළත් මුදලිලා, ගාමිණී දිසානායකලා කරපු වැඩ අදත් මිනිස්සු සිහිපත් කරනවා.. කරපු එක හොඳ වැඩක් කියන්න...

:       4       9

beau Sunday, 04 December 2022 09:32 PM

අවුරුදු 50 තුල කරපු මගුලක් නැනේ.

:       2       3

පිටරැටියා Monday, 05 December 2022 03:11 AM

කරපු දෙයක් නැති වුණාට හය පාරක් අගමැති වෙලා පොහොට්ටුවේ 134 දෙනාගේ පිහිටෙන් පින් ජනපති වෙච්චි එකම මදෑ...?

:       0       2

sampath Sunday, 04 December 2022 11:50 PM

හැම උත්සවයක්ම ආණ්ඩුවේ මුදලින් කියලා හිතන එක වැරැදියි. එයට කැමැති අය වියදම් කරලා උත්සවයක් කළ එක... එච්චරයි, අපිත් සුබ පතමු... නඩු කතා නොකළත්, නැතත් නීතිය ගැන හොඳ අවබෝධයක් තියන කෙනෙක් කියලා අමතක කරන්න එපා... අපි කැමැති අකැමැති වෙනම එකක්...

:       2       2

sharm warn Monday, 05 December 2022 09:34 AM

අවුරුදු 50 ට නඩු 5ක් වත් කතා කරලද ?නමට නීතිඥ.හැබැයි කරන්නෙම අවනීතියේ වැඩ .නීති දැනුම කොච්චරද කියලා දැන් රටම දන්නවානේ .අනේ මෙහෙම තණ්හාවක් .අනේ මෙහෙම ආසාවක්

:       0       2

Bamunuaracchi Monday, 05 December 2022 11:25 AM

එකම රෑනෙ කුරුල්ලෝ එක අත්තක ඔය වහලා ඉන්නේ. අපේ සාටක මහත්තයාත් ඔය ඉන්නේ. අපි රැවටුණා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 186 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 270 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 379 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 146 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 927 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 572 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site