(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙි වන විට පොහොර නැව් තුනක් කොළඹ වරායට පැමිණ තිබෙන බවද එක් නැවක බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් ද අනෙක් නැවේ යුරියා මෙට්‍රික් ටොන් 16,000ක් සහ තවත් නැවක යුරියා මෙට්‍රික් ටොන් 9,300ක් තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම පොහොර සියල්ලම හෙට (5)සිට ගොවි ජනතාවට බෙදා හරින බවත් හෙක්ටෙයාර් එකකට යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 157.5ක් එක්වර ලබා දෙන බවත් අමාත්‍යවරයා කීය.
ගොවීන්ට රුපියල් 10,000ක මිලකට පොහොර දෙන නමුත් රජය විසින් මෙම පොහොර ගොවි ජනතාවට ලබා දීම සඳහා රුපියල් මිලියන 18,000ක මුදලක් සහනාධාර වශයෙන් වැය කරන බව ඊට අමතරව කාබනික පොහොර මිල දී ගැනීම සදහා ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීම සඳහා රජය රුපියල් මිලියන 16,000ක් පමණ වෙන් කර තිබෙන බවත් අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොහොර ගබඩා සියල්ලම පිරිලා
Nimal Monday, 05 December 2022 07:27 AM
වැඩි පිරිවැයක් විය හැකිය, නැතහොත් ගොවීන්ට ඒවායින් බොහෝ දේ නොමැත.