IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සංචාරක ව්‍යාපාරයේ ආදායම් ඉහළට

(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)

මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1129.4 ක මුදලක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවල සඳහන් වේ.

නොවැම්බර් මාසය තුළ පමණක් ශ්‍රී ලංකාව සංචාරක කර්මානත්ය තුළින් ඇමෙරිකානු ඩොලර් මිලියන 107.5 ක ආදායමක් උපයාගෙන ඇතැයි එම දත්ත වාර්තා පෙන්වා දී තිබේ.

නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 59,759 ක් පැමිණ ඇති අතර එය ඔක්තෝබර් මසට සාපේක්ෂව සියයට 42 ක වර්ධනයකි.ඒ අනුව මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මාස 11 ක කාලය තුළ සංචාරකයන් 628,017 ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

නොවැම්බර් මාසයේදී සංචාරකයන්ගේ දෛනික පැමිණීමේ සාමාන්‍ය 1991 ක් ලෙස සටහන් වූ අතර ඔක්තෝබර් මස 1355 ක් වූ සංචාරකයන්ගේ දෛනික පැමිණීම සමග සසඳන විට එය සැලකිය යුතු වර්ධනයකි.

2021 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 104,989 ක් පැමිණ තිබූ අතර ඉන් ශ්‍රී ලංකාව උපයා ගත් ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 273.6 කි.

 
 

 



අදහස් (1)

සංචාරක ව්‍යාපාරයේ ආදායම් ඉහළට

සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 December 2022 08:27 AM

සංචාරක ව්‍යාපරය තව දුරටත් දියුණු කිරීමට අවශ්‍ය නම්, සංචාරකයන් වෙනුවෙන් වෙන්වූ පළමු පන්තියේ මැදිරියක් සෑම දුම්රියකටම අමුණන්න.දැන් බොහෝ සංචාරකයන් ගමනාන්තය දක්වාම යන්නේ,සෙනග ගොඩේ තදවී සහ හිටගෙන.එසේත් නැතිනම් පාපුවරුවේ වාඩිවෙලා.මෙය ඔවුන්ගේ ආරක්ෂාවට මෙන්ම,රටේ කීර්ති නාමයටත් හොඳ නැහැ.දුම්රියේ ගැට කපන්නන් හා මංකොල්ල කරුවන් වැහි වැහැලා.දුම්රිය ආරක්ෂකයන් බොරුවට වැටුප් ගත්තත්, ඔවුන්ගේ සේවය ගැන කිසිසේත්ම, සෑහීමකට පත්විය නොහැකියි.ගරු ගාම්භීර විදිහට යුනිෆෝම් දාගෙන ඔවුන් ඉන්නේ,පෙනුමට පමණයි.විදේශීය පමණක් නොවෙයි දේශීය මඟීන්ගේ බඩු මුට්ටු සහ බෑග් හොරකම් කරන අවස්ථා එමටයි.ඒත්,දුම්රිය බලධාරීන් තද නින්දේ.අද දුම්රිය සේවය පාලනයක් නැතිව අයාලේ යන තත්වයකට පත්වෙලා.අද එම සේවයේ එකම අරමුණ වන්නේ,ගවයන් පටවනවා වගේ දුම්රියට මගීන් පටවා මුදල් හැරීම පමණයි. අහෝ... අපේ දුම්රිය සේවයට ගිය කලක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site