(සුජිත් හේවාජුලිගේ)
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා විදේශ නිවාඩු ලබා ගොස් ආපසු නොපැමිණීම නිසා රජයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එම නිලධාරිනියට ඒ කාල සීමාවේදී රුපියල් අනූ දෙලක්ෂයකට වැඩි වැටුප් ගෙවා තිබූ බව පවසන වාර්තාව ලැප්ටොප් පරිගණකයක් ඇතුළු දේපළ ලබා ගැනීමෙන්ද ඇය රජයට පාඩුවක් කර ඇතැයි සඳහන් කරයි.
ආයතන සංග්‍රහයේ 4.12 වගන්තිය ප්‍රකාරව අත්සන් කර තිබූ ඇප බැඳුම්කරය අනුව ඇපකරුවන්ගෙන් හෝ එම මුදල් අයකරගැනීමට කටයුතු කර නොතිබූ බවද විගණන නිලධාරීහු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රස පරීක්ෂිකාවකට එතෙර රස හොඳටම වැටිලා
pakeer Sunday, 04 December 2022 02:34 PM
රජයට හොඳ වැඩේ... ඒ කියන්නේ අපිට හොඳ වැඩේ..
Rexi Sunday, 04 December 2022 03:57 PM
සිස්ටම් චේන්ජ් ඉල්ලපු අයට ගහන්නේ ඒකයි...
ගමේ එකාලා Sunday, 04 December 2022 06:59 PM
ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා කියාපු දූෂිත දේශපාලුවන් මුලු රටම, ලෝකෙට ණය කාරයින් කෙරුවා. ජනතාව මහපාරට වැට්ටුවා. පින් ජනපතිගේ ආශීර්වාදයෙන් යහතින් ඉන්නේ කිසිම අවුලක් නැතුව...
පිටිගල මිලානෝ Sunday, 04 December 2022 07:08 PM
රජයේ බදු මුදල්වලින් පිනට ඉගෙනගෙන රට පැනලා නිවාඩුවට නුහුරට සන්ග්ලාස් දාගෙන ලංකාවට ඇවිල්ලා ඉංග්‍රීසි මර මරා අපිට නයි අරින උගත් මහත්තුරු? ඒ අයගෙන් එයාපෝර්ට් එකේදීම බද්දක් ගමුද?
sampath Monday, 05 December 2022 12:01 AM
ආයතන සංග්‍රහයේ 4.12 මොකක්ද කියලා තියෙන්නේ..? ගිවිසුම කඩ කළා නම් සිවිල් නඩුවක් පැවරීමයි කළ යුතු... එහෙම නැතිව වෙන දේවල් කරලා හරියන්නේ නැහැ. ඒක නොකළාට ආයතනයේ නිලධාරීන්ට විනය පියවර ගන්න මේ රටේ තියන තත්වේ හැටියට කවුද ආයේ එන්නේ...? නිලධාරීන් නීතිය නොදැනීම මේවාට ප්‍රධාන හේතුවයි.
අප්පුහාමි Monday, 05 December 2022 12:04 PM
ඇත්තටම මේ අදහස ඉතාමත් නිවැරදියි. නිදහසින් පසුව ගතවූ අවුරුදු 75 තුළ පක්ෂ මාරුවෙමින් ආණ්ඩුව කළා මිස ජනතා මුදල් නැත්නම් විදෙස් ණයෙන් ආරම්භ කළ ව්‍යාපෘති මෙන්ම දේශපාලුවන්ට විමධ්‍යගත අරමුදලින් ලැබී කරන කිසිම වැඩක් ගැන කිසිම විටෙක පසුවිපරමක් නැහැ. රජයේ නිලධාරින් කරන්නේ රාජකාරි ලැයිස්තුවේ තියෙන වැඩ උඩින්, පල්ලෙන් කරනවා පමණයි. කිසිම රාජකාරි ලැයිස්තුවක කෙනෙක් කුමන වැඩකට විදෙස් ගතවීමට කළයුත්තේ කුමක්ද කියලා තිබුණත් කල්පිරීමෙන් පසුව වගකීම පවරා නැහැ. ඒ වගේම කල්පනා කර වැඩක් කරන්න බැරි පිරිස සියයට 96 ක් විතර වෙනවා. ඔවුන් කිසිවෙකු කියනදේ අහන්නෙ නැහැ. රැකියාවක් දුන්නාට පස්සේ අවශ්‍ය පුහුණුවක් දෙන්නේ නැහැ. පුහුණුව සඳහා අකැමැත්තෙන් ගියත් යන්න ගමන් වියදම්... සංයුක්ත දීමනා ගැනීමේ අදහසින් පමණයි මේවාට විසඳුම් හදන්නේ.. නැතුව රට හදන්න බැහැ. මිනිස්සු හදලා මිස රට හදන්න බැහැ. මේවා සියල්ලම පළාත් සභා ඇතිවීමෙන් පසු ඇතිවූ අනර්ථකාරී සිදුවීම් තමයි...
අබරන් Monday, 05 December 2022 09:36 AM
ඇත්තටම නිදහස් නැති, බදු මුදලින් වියදම් වන අධ්‍යාපනයෙන් නොමිලේ ඉගෙනගෙන මේ වගේ පොලු තියපු අය ඕන තරම් ඉන්නවා. උසස් අධ්‍යාපන පාඨමාලා වලට වැය වන මුදල අනිවාර්යයෙන්ම අය කර ගත යුතුය. තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු නොවන්න. එන්න දැන් බනින්න...ඉගෙන ගත්තේ නැති, ඉගෙනීමේ වටිනාකම දන්නේ නැති, ඉගෙන ගත්ත අයත් එක්ක ඉරිසියා නිසා මෙහෙම කියනවා කියල.