(විමුක්ති එස් රුද්‍රිගු)
දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ණය සහන ලබා දීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට චීනය සමග සාකච්ඡා කිරීමට එළඹෙන සතියේ තමන් සහ ජාත්‍යන්තර ආයතන වල ප්‍රධානීන් කිහිපදෙනෙකු සමග බෙයිජිං හි නිල සංචාරයක නිරත වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය.
එම සාකච්ඡාවලදී ජොර්ජීවා මහත්මිය ඇතුළු පිරිස චීනයේ ආර්ථිකය, කොවිඩ් 19 සහ චීන ණය සහන ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා චීනයේ සංවර්ධන බැංකුව සහ එක්සිම් බැංකුව එකතු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd