(ඩයනා උදයංගනී)
පුරාවිද්‍යාත්මක ස්ථාන රැකගැනීමට දායක වන ආයතනවල කාර්ය මණ්ඩල දිරිගැන්වීම සඳහා පුරාවස්තු තෑගි අරමුදලින් දිරිදීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා අවස්ථාව ලැබෙන පරිදි 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥාපනතේ විධිවිධාන පරිදි යෝග්‍ය රෙගුලාසි පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානයකට හෝ දේපලකට නීති විරෝධී ලෙස හානිකර පුරාවස්තු ආඥා පනත උල්ලංඝනය කරන අයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ තවත් රාජ්‍ය ආයතනවලට හැකියාව පවතින අතර, අනාගත පරම්පරාව වෙනුවෙන් පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීමට දායකත්වය ලබාදෙන එම ආයතන කාර්ය මණ්ඩල වෙනුවෙන් මෙම දිරිදීමනාව ලබාදීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන අමන කතාවක්ද මේ? රටේ ඉන්න පුරාවිද්‍යා නිලධාරීන් සහ පොලිසිය සම්බන්ධ වෙලා කරන්න තියෙන වැඩක් වෙනත් ආයතනවලට පවරන්න හදන්නේ? ඊටපස්සේ ඔහෙලගේ අයට කම්පැණි හදලා පුරාවිද්‍යා ස්ථාන සුරකින්න දාලා ඒකෙනුත් රටේ සල්ලි ගසාගන්නද හදන්නේ? ඇත්තටම මේ අයට ඡන්දෙ දුන්නු හරක් කොහේද?