(යොහාන් භාසුර)

ඔක්සිජන් ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ඇමති දියණියකගෙන් කප්පම් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
අදාල ටෙන්ඩරයට අනුමැතිය දීමට නම් සිය විශ්‍රාම වයස දීර්ඝ කරදෙන ලෙස අදාල අතිරේක ලේකම්වරයා ඇමති දියණියගෙන් ඉල්ලා ඇති බවත් විශ්‍රාම යෑමෙන් පසු ජීවත්වීම සඳහා වැඩිමිල ලංසුව ඉදිරිපත් කළ ආයතනයට එය ලබාදීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයාගේ දියණියට දැනුම් දී ඇතැයි කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.