(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුවට මැතිවරණවලට මුහුණ දීමට නොහැති තත්වයක් ඇති වී තිබෙන නිසා මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කළ පෞද්ගලික පනතක් යොදාගනිමින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ උත්සහයක් ඇති බවත් නිසිපරිදි නිසිකාලයට ඡන්ද පැවැත්වීමට රජයට නියෝග කරන ලෙස ආයාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (29) පැවසීය.
ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීතුමා තරුණ නියෝජනය වැඩි කිරීමේ අරමුණ ඇතිව පෞද්ගලික මන්ත්‍රී පනතක් ඉදිරිපත් කළ බවත් ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීතුමා ඊට මාස හතරකට පෙර එවැනිම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබුණ ද පාර්ල්මේන්තු සම්ප්‍රදායට පිටින් ගොස් පසුව ගෙනා පනත විවාදයට ගැනීමට සූදානම් වන බවත් මහාචාර්යවරයා කීය.
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සම්ප්‍රදාය පෙර ඉදිරිපත් කළ පනත විවාදයට ගැනීම බව කී ජී. එල්. පීරිස් මහතා කූට උපක්‍රමයක් ලෙස ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීතුමා පනත යට ගහලා ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීතුමාගේ පනත ඉදිරියට ගෙනත් ඇති බව ද සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව මැතිවරණවලට, ජනතාවට සහ ජනමාධ්‍යයට බිය කිසිඳු සුජාතභාවයක් නැති ආණ්ඩුවක් බවත් සියලුම මානව හිමිකම්වල උල්පත වන සර්වජන ඡන්ද බලය ආරක්‍ෂා කිරීමට විරුද්ධ පක්‍ෂය නියෝජනය කරන සියලුම දෙනා එකතු කටයුතු කරන බවත් ඒ මහතා කීය.
ජනමාධ්‍යවලට නිදසේ කාර්ය කිරීමට අවස්ථාව නැති සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් යැයි පිළිගත නොහැකි මෙන්ම මෙම තත්වය මත ජී.එස්.පී. ප්ලස් වැනි පහසුකම් තව දුරටත් ලැබේද යන්න සැක සහිත බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ තාක්‍ෂණික විමර්ශවලට අනුව සමස්ත රටේම රජයට තිබෙන සහයෝගය සියයට 10 කටත් වඩා අඩුවීම නිසා මැතිවරණ භිතිකාවක් ඇති බවත්ය.
අයවැය ලේඛණය ඉදිරිපත් කිරීමට පෙර සහ පසු කරන්න තියෙන සියලු දේවල් කර ඇති නිසා අයවැය ලේඛණයේ ප්‍රායෝගික ප්‍රයෝජනයක් නොමැති බවත් ඒ අතර ජල ගාස්තු සහ විදුලි ගාස්තු නැවත වැඩි කිරීමට ද යෝජනා කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
‘නිදහස ජනතා සභාව’ කොළඹදී අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්න හැදුවේ මොන සමීක්ෂණ ක්‍රමවේදයෙන්ද? ජනතාව ඔය කතාවට කැමැත්තක් නැහැ. හැමෝම තම තමන්ගේ ප්‍රතිශ්ටා හරියටම ගනන් හදා ගන්නනව නම් ජනතාවට සේවයක්.
මේ පාණ්ඩුව හදන්න මුලින්ම දරදිය ඇදලා මහන්සි වෙච්චි ප්‍රධානියා තමුන්නැහැ නේද. ඉතින් මැතිවරණය සදහා අපේක්ෂකයින් තේරුවෙත් අපි නොවෙයි තමුන්නැහැම තමයි .ඒකෙන් පේන්නෙ තමුන්නැහැගෙ වයසත් එක්කම කල්පනාව නැත්තටම නැතිවෙලා ..එහෙම කරලා දැන් පිස්සුවෙන් කියවනවා.අනේ උන්නැහේ දැන් ඉතින් වලපයයි ගොඩපයයි තියෙන නහින දෙහින කාලයේ විකාර කියවන්නෙ නැතුව එලොව යාමට අවශ්‍ය ගමන් වියදම් ටිකක් (පිනක් දහමක් කරන්න) සොයාගන්න මහන්සි වෙන්න
පලයං බං යන්න.
එහෙට මෙහෙට පැන බලයේ ඉන්ඩ හදපු තමුන් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.දුශිත පවුල් පාලන ආණ්ඩුව පැවති කාලේ හැමදේකටම ඔලුව නමාගෙන එහෙයි සර් කියාගෙන හිටපු තමුන් ගැනත් අපිට කිසිම විස්වාසයක් නැහැ.අවස්ථාවාදී ,ආත්මාර්තකාමි බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවෝ ගැන කවර කතාද ?
කයිය ගහන ඔබතුමාට ඊලඟ පාර ඇපත් නැතිවෙයි කියලා හිතෙන්නේ නැද්ද?
අපරාදේ කියන්න බෑ මහාචාර්ය පීර්ස් ගැන රටේ ජනතාව වන අපට නම් තිබෙන්නේ 100% ක අප්‍රසාදයක්.
රට මේ තත්වයට පත්වෙන්න උදව් කරපු ඔබලාට 0%ක් වත් මනාප නැති බව තරයේ මතක තබාගන්න .
චන්දිකා මැතිනියගේ පිහිටෙන් 1994 ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගාගෙන ඉන්පසුව කාලෙන් කාලෙට අත්තෙන් අත්තට පැන පැන කොටි ප්‍රශ්නය විසඳන්න පොට්ටනියක් පවා කරගහගෙන ගිය ඔබතුමා ගැන දැන් තියෙන ජනතා ප්‍රසාදය කොයි වගේද මහත්තයෝ ?
ආණ්ඩුවට කෙසේ වෙතත් මෙයාට නම් 0% වත් විස්වාසයක් නැත
Black money of in our country can cover it easily. !!!!
ඔහෙත් ඒ් ආණ්ඩුවේ මහාචාර්ය කෙනෙක් නේද?
ඒ ආන්ඩුව ගැන ඔයා ගැන 0% වක්වත් නෑ