
(අංජුල මහික වීරරත්න)
යාල වනෝද්‍යානයට එන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා වෙනමම විවේක ස්ථානයක් (Resting Place) ඉදි කිරීම අැරැඹූ බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
යාල වනෝද්‍යානයේ වන සතුන් නැරඹීම සඳහා දෛනිකව වාහන 400කින් පමණ දෙස් විදෙස් සංචාරකයන් එන අතර මොවුන්ට දිවාකාලයේ විවේක ගැනීම සඳහා පහසුකම් සහිත සුදුසු ස්ථානයක් නොවීම නිසා මෙම තීරණය ගෙන ඇත.
යාල වනොද්‍යානයේ මුහුද අසල බිම් තීරුවක් දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා සකස් කිරීම මේ දිනවල සිදු කෙරෙන බවද යාල වනාන්තරයේ පට්ටනංගල Block B කොටසේ මෙම විවේක පරිශ්‍රයට වෙන් කර ඇති අතර වාහන 200ක් පමණ එහි නැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන බව අමාත්‍යාංශය පවසයි.
වනජීවී දෙපාර්තමේන්තුව මීට වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 56කි.
වන සතුන්ට සහ වෘක්ෂලතාවලට හානියක් නොවන අයුරින් මෙම විවේක ස්ථානය ඉදි කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාලට ආලෙන් එන අයට ගිමන් නිවන තැනක් හදයි