(මහින්ද නිශ්ශංක)
ආනයනය කරන ලද කිරිපිටි කිලෝ ලක්ෂ හතරක තොගය නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ හිරවී ඇත්තේ ආනයන අපනායන පාලන දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අකාරක්ෂමතාවය නිසා බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.
මෙම කිරිපිටි තොගය නිදහස් කිරීම සඳහා කිරිපිටි කිලෝවකට රුපියල් 800 බැගින් රුපියල් කෝටි 32ක දඩ මුදලක් ගෙවන ලෙස රේගුවෙන් දැනුම්දුන් බව ද ලක්ෂ්මන් මහතා කියයි.
කිරිපිටි සමාගම් දෙකක් මගින් ආනයනය කළ මෙම කිරිපිටි තොගය වටිනාකම රුපියල් ලක්ෂ 8000කි. කලට වෙලාවට කිරිපිටි තොගය නිදහස් නොකිරීම හේතුවෙන් කිරිපිටි කිලෝ ලක්ෂයක් පමණ කල් ඉකුත් වීමේ අවදානමක් පවතින බව ද එහු සඳහන් කරයි.
එසේම කිරිපිටි තොගය නියමිත කාලය තුළ නිදහස් නොකිරිම හේතුවෙන් සිදුවී තිබෙන විශාල අලාභය නිසා කිරිපිටි සමාගමක සේවකයන් 512කගේ රැකියා අහිමිවීමට ඉඩ කඩ තිබෙන බව මෙ සමාගම කියයි.
කිරිපිටි සමාගම් දෙක කිරිපිටි ගෙන්වීම පිළිබඳව නිවැරදි හා නියමිත ක්‍රම අනුගමනය කර ඇතත් ඒ බව ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව රේගුවට දන්වා ඇත්තේ දින 25ක ප්‍රමාදනයකින් බවද පවසන ඒ මහතා රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධිකරණයක් නොමැතිවීම හේතුවෙන් දැයේ දරුවන් ලක්ෂ 16කට ගෙනා කිරිපිටි තොගය තවමත් වරායේ හිරවී තිබීම අපරාධයකි.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආයතන දෙකක කඹ ඇදිල්ලෙන් ලක්ෂ 8000 කිරි රේගුවේ හිරවේ
vernon Wednesday, 30 November 2022 09:59 AM
සේවකයො ගැනයි රටේ දරු පරපුර ගැනයි මාර දුකක් තියෙනවා නම් කලින් ඉඳලම මිල ගණනුත් එහෙම හිතලා අය කරන්න තිබ්බනේ. දැන් මේ තොගය ගුදම්වල මාස කීපයක් හිර වුනාම කල් ඉකුත් වෙනවා නම් මෙයාලා කොහොමද ඒ කිරි පිටි වලට අවුරුදු ගනන් කල් ඉකුත් වීමේ දින දෙන්නේ?අනෙක කිරි පිටි ගෙන්වන්න ආනයන අපනයන පාලන බලපත්‍ර ඕන නැති කතාවක් කලින් ලංකාදීපේ පළ කරා නේද?
කෞෂික Wednesday, 30 November 2022 12:36 PM
දඩ ගහලා තියෙන්නේ කිසිම වැරැද්දක් කරලා නැති නිසා වෙන්න ඇති. හරිම නරක රේගුවක් තමයි. සේවකයෝ ගැනයි, දැයේ දරුවෝ ගැනයි ඔච්චර ආදරයක් කැක්කුමක් තියනවා නම් නීතියෙන් රිංගලා යන්න හදන්නේ නැතුව හරියට වැඩකරන්න තිබුණානේ... දැන් මේ හදන්නේ බොරු සමාජ මතයක් ගොඩනගලා අහිංසක වෙන්න නේද? එතකොට දඩ ගෙවන්නේ නැතුව බඩු ටික ගන්න පුළුවන් වෙයිනේ...
මරිසිපාල Wednesday, 30 November 2022 03:41 PM
මේ ගෙන්නුවා කියන කිරිපිටිවලට මුදල් ගෙවීමක් කරන්න වෙනවා නේද? ඒ මුදල් ලංකාවේ මුදල්ද, නැත්නම් වෙනත් විදේශීය කෙනෙකුගේ මුදල්ද කියලා කියන්න... මෙහෙම කළාම රටේ ඩොලර් නිකරුණේ නාස්ති වෙන්නේ නැද්ද? මෙලෙස පවතින විට රටක් හදන්නේ කොහොමද? පාලකයිනි, මේවා ගැන නිසි ක්‍රමවේදයක් හදන්න වෙන්න ජනාධිපතිවරුනි, ඔබලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට මෙහෙම ප්‍රශ්න විසඳීමට ක්‍රම ඇතුළත් කරන්න.