(ෂේන් සෙනෙවිරත්න සහ ඉන්දිකා රාමනායක)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වූ සිසුවකුගේ සිරුරට ගිනි තිබු බව කියන මැරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගමක් භීතියටත් පත් කරවමින් කප්පම් ගනිමින් , මංකොල්ල කමින් , කාලයක් තිස්සේ අම්පිටිය මී කණුව ප්‍රදේශයේම භීෂණය පතුරුවා සිටි පැතුම් නොහොත් ඉදිච්චගේ පුතා යන නමින් පෙනී සිටි අයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
තම පියා සමඟ මී කණුව ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටියදී එම සිසුවාට පෙට්රල් හෝ භූමිතෙල් වැනි ගිනිගන්නා සුළු ද්‍රව්‍යක් ශරීරයට විසිකොට ගිනි තැබීමේ සහසික ක්‍රියාවක් සම්බන්ධයෙන් මෙම අපරාධකරු සොයා දින දෙකක් තිස්සේ පොලිස් කණ්ඩායම් තුනක් සෝදිසි මෙහෙයුම් ආරම්භ කළේය.
අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් , රම්බෝ වර්ගය පිහියක් , කඩු කිහිපයක් ඇතුළු ආවුද තිබු බව පොලිසිය කියයි .
අම්පිටිය පිච්ච මල්වත්ත ප්‍රදේශයේ දඹවල මාර්ගයේ කැලෑබද දුර්ගයක සැඟව සිට පොලිසියට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි .
සැකකරුගෙන් මේ වන විට පොලිසිය ප්‍රශ්න කරගෙන යන අතර ඔහු විසින් සිදු කළ අපරාධ මංකොල්ලකෑම් පහරදීම් රාශියක් සම්බන්ධයෙන් මේ වන විට කරුණු අනාවරණය වෙමින් පවතින බව විමර්ශන නිලධාරීහු පවසති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේද ඉතින් පොලිසියට අර රජගෙදරට කඩාපැනපු දරුණු අපරාධකාරයින් අල්ලන්න වෙලානේ... මේවා මොන අපරාධද? එව්වා එක්ක බැලුවාම...!
මෙවැනි ම්ලෙච්ඡ අපරාධකරුවන් ඇපමත සමාජයට මුදාහරින දේවල් මේ අපරාධයට වග කිව යුතුයි.
ඉතින් මෙයාව අනිත් අත් බෝම්බය සඟවලා තියෙනවා කියන ගල්වලට එක්කන් ගිහින් පැනලා යන්න දෙන්නකෝ....
මේ දරුවාගේ ජීවිතය රැකගත යුතුමයි. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අපරාදේ කරපු අයට නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි. අද මේ දරුවා මොනතරම් දුකක් විඳිනවා ඇත්ද? හෙනගහන අපරාධයක්...
තෙල් ගත්ත ශෙඩ් ඒක බලන්න ඒකක් යන්න තියෙන්නේ.
ඔහු සතුව තවත් අවි ආයුධ ඇති. ඒවාද සොයා ගත යුතුයි .
කතාව පොඩ්ඩක් අවුල් වගේ කියලා හිතෙන්නේ මට විතරද?
මෙයාව තව බෝම්බ පෙන්නන් ගෙනිහින්, ගිනිගොඩකට වැටුණා කියන්න මාංචු පිටින්. කරුණාකරලා ඒහෙම කරන්න.
ඇයි මුන්ට ආයුධ පෙන්වන්න ගෙනියන්න බැරි.
පොලීසිය මුල සිටම කෙළින් වැඩ කලේ නම් මේ අපරාධ කරුවන්ට කළක් රිසි සේ තම පහත් ක්‍රියා කරගන යන්න නොලැබෙන්න තිබ්බා., පොලීසියේ මිනිස්සු කවදාවත් ඔත්තු කරුවන්ගේ රහස් රකින්න මොළේ දියුණු කරලා නෑ. එදිනෙදා සිගරට් එකට පගාවට ජීවත්වෙන අය වැඩියි. ඒ නිසා ඔත්තු නරුවන්ගේ අනන්‍යතාවය රකින බුද්ධිමත් පොලිස් නිලධාරීන්ගේ ඒකකයක දුරකථන නොම්මරයක් මහජනතාවට දී තිබිය යුතුයි. 1119 පමණක් මදි. කෙසේ වෙතත් අර දරුවාට වූ දේ රටටම පාඩුවක් නොවේද? ඒ දෙමාපියන්ට දරුවා සුව කරගැනීමට උදව් අවශ්‍යයි.
හෙට අනිද්දා නිදහස් වෙයිද?
හංගපු ආයුධ පෙන්නන්න එක්කන් යන්න. පව් නෑ.
කල්ලියේ අනිත් සාමාජිකයන් සහ ඔවුන්ගේ සැලසුම් ගැනත් අපිට දැනගන්න ආසයි...!