IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දිඹුලාගල ආරන්‍යයට යළි විදුලිය දෙයි

(නිමල් ජයරත්න)

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අද සවස යළි විදුලිය සැපයූ බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ.

විදුලි බිල නොගෙවූයේ යැයි ඊයේ (28) සවස ආරන්‍ය සේනාසනයේ  විදුලිය විසන්ධි කළේය.

මේ බව ‍ දිනපතා ලංකාදීප පුවත්පත  අනාවරණය කිරීමත් සමඟ ඊට බලධාරීන්ගේ අවධානය යොමුවීමෙන් අද සවස විදුලි ලබාදීමට පියවර ගත් බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ.

තමන් වහන්සේ මේ පිළිබඳව ලංකාදීපයට පුන්‍යානුමෝදනාත්මක ස්තූතිය පිරිනමන බවත්  ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් අනාවරණය කිරීමත් සමගම මේ පිළිබඳ පොළොන්නරු දිස්ත්‍රික් පක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වී පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්වූ බවද උන්වහන්සේ සඳහන් කළහ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අඛණ්ඩව විදුලිය ලබාදීම නොමිලේ සිදුකර ඇති අතර එලෙස අඛණ්ඩව ලබා දුන් විදුලිය ඉකුත් 28 වෙනිදා ඉතිහාසයේ පළමුවරට විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබුණි.

මේ හේතුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම ගිලන්, භික්ෂූන් වහන්සේලා දෙසියනමක් දැඩි අසීරුතාවට පත් සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

 



අදහස් (3)

දිඹුලාගල ආරන්‍යයට යළි විදුලිය දෙයි

බද්රානි Tuesday, 29 November 2022 08:48 PM

දැන් ඒ විදුලි බිලත් ගෙවන්න වෙන්නේ, මේ රටේ පව්කාර ශ්‍රද්ධාවන්තයින්ටද?මොන කෙහෙල් මලක්ද මේ? අනුන්ගේ පව් වලටනේ මේ රටේ සමස්ත ජනතාවටම කර ගහන්න වෙලා තියෙන්නේ? මොනා උනත් අනෙක් ආගමික ආයතන වලින් මෙහෙම කරදරයක් නැහැනේ අපට? නොදකින්! මෙවුන් ඉන්නකම් ලංකාවට වගතුවක් නැහැ. තමන්ගේ බිල් අනුන්ට ගෙවන්න බල කරනවා නම් එතන කොහෙද ධර්මයක්? ධර්මයත් විකුණගෙන කන පාපතාරයෝ...

:       2       8

Senaka Tuesday, 29 November 2022 08:51 PM

මේ පුවත පල කර භික්ෂුන් වහන්සේට සෙත සැලසූ ලංකාදීප පුවත්පතට තවත් බොහෝ කල් ලක්දිව විරාජමාන වීමට ලැබේවා !

:       6       3

kamal Wednesday, 30 November 2022 10:39 AM

එක රටක් එක නීතියක් අහවරයි වගේ.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site