
(ඉන්දිකා රාමනායක)
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් චන්න වීරසුරිය මහතා අද (29) පත්කර ඇත.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ගේ නිර්දේශ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.
පත්වීම අදාල ලිපිය අද පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපතිවරයා අතින් මේජර් ජෙනරාල් චන්න වීරසුරිය මහතා ලබා ගෙන ඇත.
චන්න විරසුරිය මහතා 1986 වසරේ 26 බදවා ගැනීම යටතේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් යුද හමුද පුහුණුවට එක්ව ඇති අතර, පුහුණවෙන් පසු 1987 වසරේ දෙවන ලුතිනන්වරයකු වශයෙන් 1 වන පාබල හමුදා රෙජිමේන්තුව එක්ව ඇත.
නව පත්වීම පෙර ඒ මහතා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික වශයෙන් ද කටයුතු කර ඇති බව හමුදාව පවසයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ මේජර් ජෙනරාල් චන්න විරසුරිය යන මහත්වරුන් 26 වැනි බඳවා ගැනීම යටතේ එකට යුද හමුදාවට පුහුණුවට එක්වීම විශේෂ සිද්ධියක් විය.
මේජර් ජෙනරාල් චන්න වීරසුරිය මහතා කොළඹ මහානාම විද්‍යාලයේ ආසි සිසුවෙකි.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත්වෙයි
chandima Wednesday, 30 November 2022 12:38 AM
ඒ් මොකද රෝයල් කොලීිජියට හම්බවුණේ නැද්ද?
kamal Wednesday, 30 November 2022 10:42 AM
යුද්ධයෙන් මැරෙන්නේ නැතිව කොහොම හරි හිටියනම් කටේ බත්, පපුව ඉස්සරහට දාගෙන නිර්භීතව ඉදිරියට ගිය උන්ගේ කටේ පස්.