(ඉන්දිකා  රාමනායක)

යුද හමුදා   මාණ්ඩලික ප්‍රධානි වශයෙන්   මේජර් ජෙනරාල් චන්න වීරසුරිය  මහතා  අද (29) පත්කර ඇත.

යුද හමුදාපති  ලුතිනන් ජෙනරාල්  විකුම් ලියනගේ මහතා ගේ නිර්දේශ අනුව ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා විසින්  මෙම පත්වීම සිදුකර ඇත.

පත්වීම අදාල ලිපිය අද පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී  යුද හමුදාපතිවරයා අතින් මේජර් ජෙනරාල් චන්න වීරසුරිය මහතා ලබා ගෙන ඇත.

චන්න විරසුරිය  මහතා  1986 වසරේ  26 බදවා ගැනීම යටතේ  කෙඩෙට්  නිලධාරියකු වශයෙන්  යුද හමුද පුහුණුවට  එක්ව ඇති අතර, පුහුණවෙන් පසු 1987  වසරේ   දෙවන ලුතිනන්වරයකු වශයෙන් 1 වන පාබල හමුදා රෙජිමේන්තුව එක්ව ඇත.

නව පත්වීම  පෙර ඒ මහතා යුද හමුදා  නියෝජ්‍ය මාණ්ඩලික වශයෙන් ද  කටයුතු කර ඇති බව හමුදාව පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්   විකුම් ලියනගේ සහ මේජර් ජෙනරාල්  චන්න විරසුරිය යන මහත්වරුන්  26 වැනි බඳවා ගැනීම යටතේ එකට යුද හමුදාවට පුහුණුවට එක්වීම  විශේෂ සිද්ධියක් විය.

මේජර් ජෙනරාල්  චන්න වීරසුරිය මහතා කොළඹ මහානාම විද්‍යාලයේ ආසි සිසුවෙකි.