(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඖෂධ ගෙන්වීම සඳහා ලබාදුන් මුදල් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිසියාකාරව පාවිච්චි කර නැති බව කෝප් කමිටුවේදී පැහැදිලිවම තොරතුරු හෙළි වූ බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.
රටට ගේන ඖෂධ ආරම්භයේ නියාමනය කළාට සාම්පල පරීක්ෂාවක් නිසියාකාරව සිදු නොවන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා මේ හේතුවෙන් එක් ඖෂධයක් අනුමත කරගෙන වෙනත් ආකාරයක ප්‍රමිතියක් නැති ඖෂධ ගෙන්වීමේ ඉඩකඩක් පවතින බවද ප්‍රකාශ කළේය.
ඖෂධ ප්‍රසම්පාදනය වංචනිකයන් පිරිසකට නතුවී ඇත්දැයි සැකයක් මතුවන බවද ඔහු කීවේය.
රණවක මහතා මෙසේ පැවසූවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නන්දසේන රාජපක්ෂයගෙ ඇඳයට තිබිලා හොයා ගත්ත මුදල් සහ ඖෂධ ගැනද ඔය කියන්නේ.
ලබාදුන් මුදල් ඉහල පොලියකට කොහේ හෝ invest කර තිබෙන්නට හැකියාවක් පවතී.
එව්වායින් අරගල කරන ජනතාවට ගහන්න වතුර විදින ට්‍රැක් සහ ලාබෙට කඳුළු ගෑස් ගහන්න ඇති...