(යොහාන් භාසුර)

දුම්රිය මැදිරියක වායුසමීකරණ පද්ධතියේ දෝෂයක් සම්බන්ධ ගැටලුවක් මූලික කරගෙන දුම්රිය නියාමකයන් අද (29) දහවල් ක්‍රියාත්මක කළ වර්ජනයක් හේතුවෙන් දුම්රිය රැසක් පස්වරුවේ ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම වර්ජනයේ බලපෑම හේතුවෙන් වෙරළබඩ මාර්ගයෙන් ආරම්භ වන සෙසු මාර්ගවල ධාවනය වන දුම්රිය රැසක් කොළඹ කොටුවෙන් ආරම්භ වූ බවත් දුම්රිය නියාමකයන් මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් කර ඇතැයි දැනගන්නට තිබෙන බවත් එම නිලධාරියා කීය.