
(නිමන්ති රණසිංහ)
ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි තුන්වන නිලධාරියාව සිටි එදිරචාරිගෙ කුෂාන් ලබන 13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය .
මෙම සැකකරු අද (29) අළුයම 4.15 ට ඕමාන් රටේ මස්කට් සිට ගුවනින් මෙරටට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය තීරණය කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම එවුන්ටත් මරණ දඩුවම් දීමට නීති සැකසීම කරන්න ඕන මුන් ජාතියත් කනවා රටත් කනවා
මෙයාට විදේශ සේවයේ යෙදෙන්න තියෙන සුදුසුකම් ටික පල කළානම් තමයි හොඳ..!
මේ කතාවේ දෙපැත්තක් තියෙනවා. නීතිවිරෝධී ලෙස විදෙස් ගතවන කාන්තාවන්ගේ කතාව අපට අහ්න ලැබෙනව. මම හැම ප්‍රවෘත්ති නාලිකාවකම දැක්කා ඔවුන්ගෙන් වොයිස් කට් ගන්නවා මිසක් නීති පද්ධතීන් තියෙද්දී ඔවුන් නීති විරෝධී ලෙස විදේශගත වුණේ ඇයි කියලා ප්‍රශ්න කරන්නේ නැහැ.
මේකෙ කිසිම පැත්තක් නෑ. තියෙන්න් භාරකාරීත්ව ස්ත්‍රී දූෂණයක්. නිලධාරියෙක් භාරයේ ඉන්න කාන්තාවකට රැකවරණය ආරක්ෂාව සැපයීමට ඒම නිළධාරියා වගකීමකට බැදෙනවා. තමන්ගේ බලය අයුතු ලෙස යොදා ගෙන කර ලිංගික බලහත්කාරයක් මෙතන තියෙන්නේ. ඊට අමතරව ඔ්මාන රාජ්‍යයේ නීතියට අනාඩුවත් දඬුවමක් දෙන්න තිබුණ තානාපති විනිර්මුක්තියට මුවා වෙලා අපරාධ කරන්න බෑ.
මැදපෙරදිගට කාන්තා ශ්‍රමිකයන් යැවීම නිසා මතුවී ඇති ගැටලු නිසා එයට විසදුමි සෙවීම හරියට දිග කලිසම ඔලුවෙන් ගලවන්න කරන උත්සාහයක් වගෙ. මෙිකට මූලික හේතුව නුපුහුණු රැකියා වලට කාන්තාවන් යැවීමයි. මෙිකට ඉන්දියාව හොන්ද පිළිතුරැ සපයයි. ඒගොල්ල කාන්තාවන් මැදපෙරදිගට යවන්නේ වෘත්තීයමය ( professional) සුදුසුකමි ඇති අය පමණයි. ඉතා ඉහල වැටුප් ලැබෙන බැවින් ඔවුන් මුහුණ පාන ගැටලු ඉතා අවමයි.