(අංජුල මහික වීරරත්න)
වියදම් කළමණාකරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය මුල් කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරින් සියලු දෙනා කඩිනමින් වෙනත් ආයතන වෙත අනුයුක්ත කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැඳෙමින් කටයුතු කරන අතිරේක ලේකම්වරියක් ඇතුලු අංශ ගණනාවක නිලධාරීන් වෙනත් ආයතන සඳහා අනුයුක්ත කිරීමට නියමිත බව අමාත්‍යාංශය කියයි.
මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංවර්ධන අංශ 03ක්, පාලන අංශ 03ක්, ගිණුම් අංශ 03ක්, ප්‍රවාහන අංශ 03ක්, වශයෙන් පවතින අතර නිලධාරින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව සිටින බව අමාත්‍යාංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වියදම් අඩු කරන්න කෘෂි ලොක්කෝ මාරුකරයි
sam Wednesday, 30 November 2022 12:22 PM
වැඩි කට්ටිය අඩු කරන එක හොඳයි... හැබැයි ඒ කට්ටිය ඇරලා ඔබේ පවුලේ අයගැන දැනගන්න එපා.
විහඟ Wednesday, 30 November 2022 01:14 PM
අපෝ ඒ අය යවන එකම හොඳයි.. රස්සාවට එන්නෙත් මිනිස්සුන්ගේ සල්ලිවලින්.. තමන්ගේ අතේ වියදමින් රස්සාවට වත් එන්න බෑ. අනිත් පොඩි නිලධාරින් තමන්ගේ අතින් දවසට 500/600 වියදම් කරන් රස්සාවට එන්නේ ගෙදර වැඩත් කරලා එහෙම එන මනුස්සයි ටිකක් පරක්කු වුණොත් ඒ මනුස්සයාව මරන් කන්න හදනවා.. මේ රටේ දේශපාලඥයින්ට වඩා ඔය ලොකු මාණ්ඩලික නිලධාරීන් රටට බරක්...!
Sunil Wednesday, 30 November 2022 01:36 PM
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පමණක් නෙවෙයි, මුළු රටේම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් අඩුම තරමින් 75%ගෙන්වත් රටට වැඩක් ඇත්තේ නැහැ...
ලුම්බිණි Wednesday, 30 November 2022 01:36 PM
අර යාලේ ගිහින් යකා නටපු කට්ටියට මොකද වුනේ? තාම පරීක්ෂණද?