(අංජුල මහික වීරරත්න)

වියදම් කළමණාකරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය මුල් කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරින් සියලු දෙනා කඩිනමින් වෙනත් ආයතන වෙත අනුයුක්ත කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

ඒ අනුව  දීර්ඝ කාලයක් තිස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැඳෙමින් කටයුතු කරන අතිරේක ලේකම්වරියක් ඇතුලු අංශ ගණනාවක නිලධාරීන්  වෙනත් ආයතන සඳහා අනුයුක්ත කිරීමට නියමිත බව අමාත්‍යාංශය කියයි.

 මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ  සංවර්ධන අංශ 03ක්, පාලන අංශ 03ක්, ගිණුම් අංශ 03ක්, ප්‍රවාහන අංශ 03ක්, වශයෙන් පවතින අතර නිලධාරින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව සිටින බව අමාත්‍යාංශය සඳහන් කරයි.