(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අනිද්දා (01) සිට ආරම්භ කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ලබන වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත් කිරීම වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
ආසන සංවිධායක ධූර වෙනුවෙන් ඉල්ලුම්පත් දහස් ගණනක් ලැබී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුසු සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීමේදී අදිකරණ චෝදනා නොමැති අවංක පුද්ගලයන් තෝරාගැනීම වැදගත්වේ. police reports ලබාගැනීමට හැකියව සොයා බැලිය යුතුවේ. ඉදිරිකාලයේ ලංකාවේ සෑම පුද්ගලයකු රැකියවක් සදහා ( private public sector ) ඉදිරිපත් වන්නේනම් police reports අත්‍යවශ්‍ය කලයුතුවේ. රටේ සියලු පුරවැසියන් සදහා අනාගතයේදී මේසදහා සාර්ථක සැලසුමක් ක්‍රියාත්මක කලහැකිවේ. එය අපහසු නැත.