(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහනුවර පිළිකා රෝහලේ වායු සමීකරණ යන්ත්‍රවල ප්‍රශ්නය තවම විසඳී නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.
වෛද්‍යවරුන් දෙදෙනෙකු අද උදේත් කතා කර ඒ ගැන පැවසූ බවද ඔහු සඳහන් කළේය.
කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
මහනුවර පිළිකා රෝහලේ ප්‍රශ්නය තවම විසඳිලා නැහැ. ඒසී යන්ත්‍ර දෙකක් අක්‍රීයයි. වෛද්‍යවරුන් දෙදෙනකු මට අද උදෙත් කතා කරලා කිව්වා. ලක්ෂ හතළිස් ගහනක බිලක් තියෙනවා ඒ නිසා ප්‍රතිකාර කටයුතු කරන්න බෑ. ඒකයි දොස්තරලා කියන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:
දෙකෙන් එකක් තමයි පාවිච්චි කරන්නේ. අනිත් ඒකට මුදල් වෙන් කරලා තියෙනවා. ඒ ප්‍රශ්නය ඉදිරිපත් කළාට බොහොම ස්තූතියි. එතන වෙලා තියෙන්නෙ විදුලිය කප්පාදුවීමක් නොවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කාපු සල්ලිවලින් අරගෙන දීපල්ලා
කී්‍යක්වත් දෙන්න නැද්ද ඔබතුමා ලඟ? මාර කැක්කුමක් නේ තියෙන්න් මිනිස්සු ගැන මෙයාට.
ඔතන හරියටම වෙලා තියෙන්නෙ ඔය කවුරුත් කියන විදිහේ මගුලක් නෙවෙයි. ඇමතිලා දන්න මගුලක් නෑ, කවුරු හරි කියන දෙයක් බාගෙට අහගෙන තමා ඔය පාර්ලිමේන්තුවේ කියවන්නෙ.. ඔතන වෙලා තියෙන්නේ මේකයි, පිළිකා සදහා ප්‍රතිකාර කරන විශේෂ යන්ත්‍රයක් තියෙනවා.. ඒක ක්‍රියාත්මක කරන්න වායුසමීකරණ පද්ධතිය (AC System) අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය යුතුයි.. පිළිකා රෝහලේ ක්‍රියාත්මක වන්නේ Chiller යන්ත්‍රයක් මගින් ක්‍රියාත්මක වන central AC system එකක්.. එම chiller යන්ත්‍රය නොකඩවා පැය 24ක් එක දිගට අවුරුදු දෙකක් පමණ ක්‍රියාත්මක වන අතර මේ වන විට එහි කාර්මික දෝෂයක් හටගෙන ඇත. එය පිළිසකර කරන තුරු නැවත පිළිකා සදහා ප්‍රතිකාර කල නොහැක.. මෙම ගැටලුකාරී තත්වය ඇතිවීමට පෙර් මෙවන් තත්වයක් ඇතිවිය හැකිබව අනතුරු ඇගවූ එම chiller යන්ත්‍රය සවිකල සමාගම විසින් මීට පෙර කිහිප වතාවක් අමතර chiller යන්ත්‍රයක අවශ්‍යතාවය පිළිබදව අදාල බලධාරීන් දැනුවත් කලද මේ වනතුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත..