(නිමල් ජයරත්න)
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මායිම්ව,පේරක කලාපයේ දිවුලාන රක්ෂිතයට ජේ,සී,බී යන්ත්‍ර දෙකක් ඇතුළත්කර එහි අක්කර ගණනාවක රක්ෂිතය විනාශ කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු, එම ජේ .සී.බී යන්ත්‍ර දෙක සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවිී කාර්යාලය පවසයි'.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලොන්නරුව ඕනෑගම,හා කදුරුවෙල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලොන්නරුව අඩවි සහකාර එස්.ඒ වික්‍රමරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මීට දින කිහිපයකට සිට එම ව්න සංහාරය සිදුකර ඇති අතර ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව වික්‍රමරත්න මහතා කීය
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ජල ගැලීම් ජාතික වනෝද්‍යානයේ පේරක කලාපයේ අක්කර 25 කට පමන වැඩි ප්‍රමාණයක් එහි තිබෙන වටිනා ශාක, පඳුරු, විනාශ කර ඇති අතර එය කුමක් අරමුණු කරගෙන විනාශ කරන්නට ඇද්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළහ.
විනාශ කර ඇති ප්‍රදේශය වන අලින් මෙන්ම වන සතුන් බහුල වශයෙන් සැරිසරන ප්‍රදේශයක් බවද වනජීවී නිලධාරීන් සඳහන් කරති. ප්‍රදේශයේ විහාරස්ථානයට ලබාදුන් ඉඩම් ලෙස පවසා මෙම සැකකරුවන් එම රක්ෂිත ප්‍රදේශ විනාශ කර ඇති අතර, එම රක්ෂිත විනාශ කිරීමට හෝ කැළෑ හෙළි පෙහෙළි කිරීම්ට කිසිදු ලියකියවිල්ලක්, අවසරයක් ඔවුන් සතුව නොමැති වූ බවද වනජීවී නිලධාරීන් සඳහන් කරයි,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා දෙකක් නෑ , දිගින් දිගටම කෙරෙන මේ වන විනාශය පිටුපස දැනට ආණ්වේ ඉන්න සාමාජිකයෙක් ඉන්නවා. ඇමති කෙනෙක් නිකම් විසිට් එකක් දාලා වැඩේ යට ගහනවා. මේක තමයි අපේ රටේ මොන පක්ෂය බලයේ හිටියත් කරන ක්‍රමය.
අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ දේශපකයෙක් ඕකට සම්බන්ධ ඇති.
දේශපාලක හාල් කෑල්ලක්ද?
අනිවාර්යයෙන්ම දේශපාලුවෙක් හරි, පුතෙක් හරි මේක පිටිපස්සේ ඉන්නම ඕනෑ. එව්වා එහෙම වෙද්දී අර පිනා යනවා ලෝක දේශගුණික විපර්යාස වලට හඬා වැටෙන්න... මොවුන්ට යන්න වෙනම අපායක් හදනවලු...
ආණ්ඩුවේ හෙංචයියෝ හෝටල් ගහන්න, කැලෑ ඔක්කොම සුද්ද කරනවා... මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා...