IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බෝට්ටුවෙන් ලෙබනනය හරහා ඉතාලියට යවන ජාවාරමක්

(යොහාන් භාසුර)

ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයන් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයට තොරතුරු ලැබී ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

අනාරක්‍ෂිත ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බවත් මෙම නීතිවිරෝධි ක්‍රියාවලිය හා අනතුරුදායක බව පිළිබඳව ලෙබනනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කර ඇති බවත් එම නිලධාරියා කීය.

මෙවැනි ජාවාරම් කරන පුද්ගලයන් පිළිබදව තොරතුරු ඇතොත් විදේශ සේවා නියුක්කි කාර්යංශය දැනුවත් කරන ලෙස ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

බෝට්ටුවෙන් ලෙබනනය හරහා ඉතාලියට යවන ජාවාරමක්

ranjit Tuesday, 29 November 2022 03:40 PM

ඉතාලියට යන ඔය කිසිකෙනෙක් එහෙ නවතින්නේ නැහැ. එතැනින් එංගලන්තයට පැනගන්නවා. එයට එක හේතුවක් තමා ළමයින්ට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදෙන්න බලා පොරොත්තු වෙන එක. අනිත් හේතුව එංගලන්තයේ පිනට ජීවත්වීමේ ඉඩ කඩ වැඩිවීම. යුරෝපයේ වෙන රටවල්වල එහෙම පිනා චාන්ස් හම්බවෙන්නේ නැහැ. එංගලන්තයේ දැන් ඉතාලියෙන් පැනගත්තු අපේ කට්ටිය ගෙන් පිරිලා. ඒගොල්ලෝ වෙනම හඳුනාගන්නත් පුළුවන්. හරි එකමුතුයි. සිංහලෙන් විතරයි කතා කරන්නේ. හැමෝටම සුහදව අයිය මල්ලි අක්ක නංගී කියල කතා කරන්නේ. හැම සති අන්තයකම සාජ්ජ දානවා. කන්න බොන්න ලොස් නැහැ. හොඳට කනවා බොනවා. සංගීතයට බොහොම ඇලුම් කරනවා. රැකියා ගන්න අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නැති නිසා වෙන්නඇති ඉතාලියෙන් ආ සමහරු විවිධ ව්‍යාපාර සහ වෙළහෙළදාම් වල යෙදෙනවා. ඔවුන් අතරේ ආගම් ජාති කුලමල බේදයක් පෙනෙන්නේ නැහැ. පන්සල් පල්ලි වල වැඩ වලට නොමිලයේම පන කඩාගෙන වැඩ කරනවා. ඒවගේම තමයි දබරයට ගියොත් කෙලවර වෙන්නේ මහා විනාශයකින්. ඉතාලියේ ඉඳල එන ලාංකිකයෝ අමුතුම ජාතියක්.

:       8       5

බද්රානි Tuesday, 29 November 2022 07:53 PM

ranjit, ලංකාවේ එකෙක් නම් ඉතින් ඒකා ලෝකේ කොයි රටකට ගියත් ගෝත්‍රික අදහස්, ගති පැවතුම් ඇති අවලම්මු තමයි. දැන් ඔබ ඔය කියන විදිහට ඉතාලියේ සිට එංගලන්තයට ගොස් ව්‍යාපාර කරනවා නම් ඉතින් ඒ අය දියුණුයිනේ. අනිවාර්යයෙන්ම ඔවුන් ඉතාලි පාස්පෝට් හිමි ඉතාලි පුරවැසියන් වෙන්න ඇති. ඉතාලි වගේ රටක පාස්පෝට් එකක් හිමි නම්, එංගලන්තයේ පමණක් නොවෙයි ලෝකේ ඕනෑම රටක පිලිගන්නවා. එංගලන්තයේ දෙමල, ඉන්දියන්, පකිස්තානුවන් යටතේ රැකියාව කරනවාට වඩා ඒක නම්බුයිනේ. මෙතන ඔබට තියන ප්‍රශ්නය ඔබ මෑත කාලයේ එංගලන්තයට ගොස් ද්‍රවිඩ ජාතිකයෙකුට අයත් පෙට්‍රල් ස්ටේෂන් එකක, රැකියාව කරන ගමන් එංගලන්තයේ රජයේ දීමනා ලබමින් ඒ රටේ හිඟන්නෙක් ලෙස ජීවත් වෙමින් පිළිවෙලකට ජීවත් වෙන ලාංකිකයින්ට ක්‍රෝධ කම් කරන කෙනෙක් වගෙයි. ඕක තමයි මම නිතරම කියන්නේ සිංහලයින් කියන්නේ පඩත්තර ජාතියක් බව. හැකි අය බෝට්ටුවෙන් බැරි නම් මොනවිදිහකින් හෝ ඉතාලියට බැරි නම් ඉතියෝපියාවටවත් පැන ගනිල්ලා. හැබැයි ඉතින් මෙහෙ දාන සෙල්ලම් නම් බැහැ ඒ රටවල??

:       0       1

pakeer Tuesday, 29 November 2022 03:57 PM

බොට්ටුවෙන් නෙමි තාච්චියෙන් හරි මෙහෙන් පලයා.

:       0       8

මිලාන් නානසාර Tuesday, 29 November 2022 04:10 PM

පාතාලයෝ, ස්ත්‍රී ධූර්ථයෝ හැරුනු විට මිලාන් නගරයට අඩුව තිබුනේ ඇසිඩ් කාරයෙක් විතරයි. කුරුණෑගලින් ආපු ඇසිඩ් ජිනේ ඒ අඩුවත් පිරෙව්වා. රටක් හැටියට ආඩම්බරයි එකෙන්ම.

:       0       6

බද්රානිWednesday, 30 November 2022 03:08 AM

මමත් මීට දශක තුනකට පමණ පෙර ඔය කියන ඉතාලියේ මිලාන් නගරයට ගියා .ඒ කාලේ නම් හිටියේ මොනා උනත් වැදගත් මිනිස්සු. ඒ හිටපු ලාංකිකයෝ ඉතාලි සංස්කෘතියට බොහෝ සෙයින් සමාන වෙන නිසා, ඉතාලි ජාතිකයින් ඔවුන්ට බොහෝ ගරුකළ බව මට හැඟුනා. එත්, පහු කාලයේ මාළු මස් නොකන කරෝල කන ගමන් බුලත්විට හපන ගෝත්‍රිකයින් රැලක් ඉතාලියට පැමිණි බව දැන ගන්න ලැබුනා. මම මේ මෑත කාලයේ ඉතාලියේ සංචාරයක නිරත උනා. එත්, දැන් නම් ඉතාලි ජාතිකයින් නහය වසා ගන්න තත්ත්වයකුයි එහෙ තියෙන්නේ. සමහරවිට එංගලන්තෙත් එවැනි තත්වයක් මතු වෙයි කියලයි මටත් හිතෙන්නේ. ලන්ඩන් ටියුබ් එකේ යද්දී සුද්දෝ නහය වහගෙන යනවා මම දැකලා තියනවා. දැන් තමයි මටත් හිතුනේ අර ඉතාලියෙන් ආපු බටහිර සංස්කෘතියට නොගැලපෙන එවුන් නිසා කරවල ගඳට නහය වහගෙන යනවා කියලා. මොනා, උනත්, ඒ ගඳ ගහන කළු සුද්දෝ ලංකාවට ඇවිත්, ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් පාවිච්චි කලොත් අපේ එවුන්ට ජන්ගියේ මුත්‍රා පහ වෙනවා. හා නැද්ද??

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site