(යොහාන් භාසුර)
ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයන් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයට තොරතුරු ලැබී ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
අනාරක්‍ෂිත ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බවත් මෙම නීතිවිරෝධි ක්‍රියාවලිය හා අනතුරුදායක බව පිළිබඳව ලෙබනනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කර ඇති බවත් එම නිලධාරියා කීය.
මෙවැනි ජාවාරම් කරන පුද්ගලයන් පිළිබදව තොරතුරු ඇතොත් විදේශ සේවා නියුක්කි කාර්යංශය දැනුවත් කරන ලෙස ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියට යන ඔය කිසිකෙනෙක් එහෙ නවතින්නේ නැහැ. එතැනින් එංගලන්තයට පැනගන්නවා. එයට එක හේතුවක් තමා ළමයින්ට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදෙන්න බලා පොරොත්තු වෙන එක. අනිත් හේතුව එංගලන්තයේ පිනට ජීවත්වීමේ ඉඩ කඩ වැඩිවීම. යුරෝපයේ වෙන රටවල්වල එහෙම පිනා චාන්ස් හම්බවෙන්නේ නැහැ. එංගලන්තයේ දැන් ඉතාලියෙන් පැනගත්තු අපේ කට්ටිය ගෙන් පිරිලා. ඒගොල්ලෝ වෙනම හඳුනාගන්නත් පුළුවන්. හරි එකමුතුයි. සිංහලෙන් විතරයි කතා කරන්නේ. හැමෝටම සුහදව අයිය මල්ලි අක්ක නංගී කියල කතා කරන්නේ. හැම සති අන්තයකම සාජ්ජ දානවා. කන්න බොන්න ලොස් නැහැ. හොඳට කනවා බොනවා. සංගීතයට බොහොම ඇලුම් කරනවා. රැකියා ගන්න අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නැති නිසා වෙන්නඇති ඉතාලියෙන් ආ සමහරු විවිධ ව්‍යාපාර සහ වෙළහෙළදාම් වල යෙදෙනවා. ඔවුන් අතරේ ආගම් ජාති කුලමල බේදයක් පෙනෙන්නේ නැහැ. පන්සල් පල්ලි වල වැඩ වලට නොමිලයේම පන කඩාගෙන වැඩ කරනවා. ඒවගේම තමයි දබරයට ගියොත් කෙලවර වෙන්නේ මහා විනාශයකින්. ඉතාලියේ ඉඳල එන ලාංකිකයෝ අමුතුම ජාතියක්.
බොට්ටුවෙන් නෙමි තාච්චියෙන් හරි මෙහෙන් පලයා.
පාතාලයෝ, ස්ත්‍රී ධූර්ථයෝ හැරුනු විට මිලාන් නගරයට අඩුව තිබුනේ ඇසිඩ් කාරයෙක් විතරයි. කුරුණෑගලින් ආපු ඇසිඩ් ජිනේ ඒ අඩුවත් පිරෙව්වා. රටක් හැටියට ආඩම්බරයි එකෙන්ම.