(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් කෝටි 180 ක වියදමින් ඉදිකළ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය අතරමග නවතා දමා ඇතැයිද එය  විශාල අපරාධයක් බවද    සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

මෙම මධ්‍යස්ථානය කොළඹ හෝ ඒ අවට ප්‍රදේශයක  ඉදි කළේ නම් මීට වඩා ප්‍රතිඵල ලබාගත හැකිව තිබූ බව පැවසූ මන්ත්‍රීවරයා ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අතරමං කර දමා ඇතැයි සඳහන් කළේ‍ය.

අත්තනායක මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.