IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මෙරට පක්ෂි විශේෂ 81ක් වඳවීමේ තර්ජනයක්

(ඩයනා උදයංගනී)

මෙරට පක්‍ෂි විශේෂ 244 ක් අතුරින් 81ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසයි.

දැඩි ලෙස තර්ජනයට ලක්වූ පක්‍ෂි විශේෂ 19ක්, තර්ජනයට ලක්වූ 48 ක් හා තර්ජනයට ලක්වීමේ ප්‍රවණතාවය සහිත 14 ක් සිටින බව එහි අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය පැවසුවාය. මේ අතර තර්ජනයට ආසන්න කුරුළු විශේෂ 32 ක් සිටින බව ඇය සඳහන් කළාය.

‘ශ්‍රී ලංකාවේ පක්ෂින්ගේ සංරක්ෂිත තත්තවය පිළිබඳ යාවත්කාලීන කරන ලද රතු දත්ත ලේඛනය-2021’ එළදැක්වීම පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සහ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඉකුත් දා සිදුකෙරිණි. එම 2021 රතු දත්ත පොතට අදාලව දීප ව්‍යාප්තව කරන ලද සමීක්ෂණයේදී ඉහත තොරතුරු අනාවරණ වූ බව ද අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.

මෙම පක්‍ෂි විශේෂ තර්ජනයට ලක්වීමට හේතු සොයා බැලීමේදී ඔවුන්ගේ වාසභූමිවලට එල්ල වන තර්ජන ප්‍රධාන හේතුවක් වී ඇතැයි ඇය කීවාය.

වාසභූමිවලට එල්ලවන තර්ජන හේතුවෙන් කූඩු සාදා ගැනීමට, බිත්තර දැමීමට ස්ථාන නොමැතිවීමත්, කසල ආහාරයට ගැනීමෙන් ශරීරයට ඇතුළුවන රසායනික ද්‍රව්‍ය නිසාත් පක්‍ෂීන් මියයන බවත් අධ්‍යක්‍ෂවරිය කීවාය.

එබැවින් පක්‍ෂි වාසභූමි ඇති ස්ථාන එළි පෙහෙළිකිරීම, ගිනි තැබීම් ආදියෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද ඇය ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට සහභාගි වු අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසුවේ පක්ෂීන් මෙන්ම වන සම්පත ආරක්ෂා කිරිමට රජය මගින් ලැබිය යුතු පුර්ණ සහය ලබාදෙන බවයි. රටට ආවේනික පක්ෂීන් රැකගැනීම ඉතා වැදගත් කරුණක් බව ද ඇමතිවරයා කීය.

 



අදහස් (2)

මෙරට පක්ෂි විශේෂ 81ක් වඳවීමේ තර්ජනයක්

jayasekara Monday, 28 November 2022 03:15 PM

කපුටාස්ලා සහ මයිනාස්ලා ඒ අතර...!

:       0       1

ruwantha Tuesday, 29 November 2022 11:36 AM

රිලවුන් කුරුලු කූඩු විශාල වශයෙන් විනාශ කරනවා. බිත්තර ආහාරයට ගන්නවා. මෙය ඉතා ප්‍රබල හානියක්. එම විලෝපිකයා පාලනය කරගැනීමට පක්ෂීන්හට කිසිසේත් නොහැකිය. එම කාරණාව මෙම පර්යේෂණ වාර්ථාවට ඇතුළත්ව තිබේද යන්න නොදනිමි. ග්‍රාමීය ප්‍රදේශවල වාස භූමි විනාශයට වඩා බලපා ඇත්තේ මෙම රිලවුන්ගෙන වන හානියයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site