(ඉන්දිකා රාමනායක)
බංකු ඒ ටී එම් යන්ත්‍ර අසල සිට පුද්ගලයන් සතු බැංකු කාඩ් වංචනික ලෙස ලබාගෙන ඒවායෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත් සැකකරුවෙක් දොම්පේ ප්‍රදේශයේ දී බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ව්‍යාජ බැංකු කාඩ්පත් සකස්කරගෙන බැංකු වල ඒ ටී එම් යන්ත්‍ර අසල ගැවසෙන් බවත්, ඔහු ඒ ටී එම් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පුද්ගලයන් පැමිණීමේ දී කල්තියා කිසියම් උපකරණයක් යොදා යන්ත්‍රයේ මුදල් ගැනීම අවහිර කරන බවත්, මුදල් ලබා ගැනීමට පැමිණි පුද්ගලයාට මුදල් ලබා ගැනීමට නොහැකි වන අවස්ථාවේ සැකකරු ස්වේඡාවෙන්ම මුදල් ලබා ගැනීමට සහය ලබ දෙන බවද පොලිසිය පවසයි.
කාඩ් හිමියාගෙන් සැකකරු කාඩ්පත හා රහස් අංකය ලබාගෙන ඔහු ඉදිරියේම මුදල් ලබා ගැනීමට උත්සහ ගන්නා බවත්, පසුව යන්ත්‍රය ක්‍රියා විරහිත ඇති නිසා මුදල් ලබා ගැනීමට නොහැකි බව පවසා සැකකරු එම පුද්ගලයාගේ කාඩ්පත වංචනික ලෙස සඟවාගෙන, සැකකරු විසින් සඟවාගෙන සිටින ව්‍යාජ කාඩ්පතක් කාඩ්හිමියා වෙත ලබා දෙන බවද පොලිසිය පවසයි.
කාඩ් හිමියාගේ කාඩ්පත වංචා කිරීමෙන් පසු ඔහු වෙනත් බැංකුවක් වෙත ගොස් කාඩ් හිමියාගෙන් කාඩ්පත සහ රහස් අංකය උපයෝගි කරගෙන වංචනික ලෙසට මුදල් ලබා ගන්නා බවද පොලිසිය පවසයි.
මේ ආකාරයෙන් සැකකරු සිදුකළ ලක්ෂ 4 ක වංචාවන් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තයේ තිබී ව්‍යාජ ඒ ටී එම් කාඩ් 10 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
COMMENTS