(සුජිත් හේවාජුලිගේ )
රජයේ ආයතනවල විවෘත කිරීම්, රාජකාරී බාර ගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළ උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව සඳහා රජයේ මුදල් වැය කිරීම නතර කරන ලෙසට වූ නියෝගය තරයේ පිළිපදින ලෙස මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම රජයේ ප්‍රධානීන්ගෙන් නැවත වරක් ඉල්ලීමක් කළේය.
අමාත්‍යාංශ ලේකම්වරයා මෙයට පෙර අවස්ථා ගණනාවකදීද මෙම ඉල්ලීම කළද සමහර ආයතනවල එම ඉල්ලීම නොසලකා හරිමින් එවැනි උත්සව තවදුරටත් පවත්වන බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු ඔහු මෙම නව චක්‍රලේඛය නිකුත් කළේය.
රාජ්‍ය වියදම් දැඩිව පාලනය කිරීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පසුගිය අප්‍රේල් 26 වනදා චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය ආයතනවල උත්සව, විවෘත කිරීම්, සම්මන්ත්රණ ඇතුළු අත්‍යවශ්‍ය නොවන හා ප්‍රමුඛතා නොවන වියදම් අත්හිටුවමින් ඒවා සඳහා රාජ්‍ය මුදල් භාවිත නොකරන ලෙසට නියෝග කළේය.
මීට අමතරව එම නියෝගය තරයේ පිළිපදින ලෙස ජනාධිපති ලේකම්වරයා ද පසුගිය අගෝස්තු 15 වැනිදා චක්‍රලේඛයක් මගින් දැනුම් දෙනු ලැබ තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම රාජ්‍ය සේවයේ සිටි කාලයේ නම් විවෘත කිරීමට හැර වෙනත් ඒවාට විශේෂයෙන් විශ්‍රාම ගැනීමට රජයේ මුදල් වියදම් කළේම නැහැ. එහෙම කරනවා නම් ඒක වැරැදියි. නමුත් දේශපාලුවන් වැඩ බාර ගැනීමේදී උන්දැලාට රජයේ මුදලින් වියදම් නොකර හරියට අත්සන් කරන්න බැහැ කියලා ලේකම් තුමා දන්නේ නැද්ද? මෙහිදී දේශපාලුවන් ඔවුන්ගේ සියලු හෙන්චයියන්ට අවශ්‍ය කෑමබීම ප්‍රවාහන පහසුකම් සියල්ලම දෙනවා. විවෘත කිරීමත් එහෙමයි... මම දැක්කා එක් උසස් නිලධාරියෙක් කාර්යාලයක් විවෘත කිරීමට දේශපාලුවා පැමිණීම ප්‍රමාද නිසා අනෙක් අය සමග ආයතනයක් විවෘත කරලා ඉක්මණින් උත්සවය අවසන් කළ අවස්ථාවක්... නමුත් දේශපාලුවන් එම නිලධාරිතුමා පළාතෙන් පිටකළා. එහෙම ඒවාට මොකද කරන්නේ කියන්න...?
මෙවැනි කාලෝචිත තීරණයක් ගැනීම වෙනුවෙන් හැම රාජ්‍ය ආයතනයකටම පාටි දාන්න.. එයයි මේ රටේ ප්‍රතිපත්තිය. කපුටා වෙනුවෙන් දාපු පාටි මදැයි...
නිලදරියො ඔක්කොම එකතුවෙල අරපිරිමැස්මෙන් මහන්සිවෙලා වැඩ කරල ආර්තිකේ ගොඩ දැම්මෙ නැතිවුනොත් , අනාගතේදි රජය බංකොලොත් වෙලා විශ්‍රම වැටුපත් නැතිවෙලා හැමෝටම හිගාකන්න වෙනව.
රජයේ සේවකයෝ රාජකාරි වෙලාවේදී සුර් වෙලා හිටියහම, රාජකාරි කටයුතු වලට අත්වෙන ඉරණම මොකක්ද.?