(දයාසීලි ලියනගේ)
අතිකාල දීමනා සීම කරන්නැයි මුදල් අමාත්යංශය නියම කර ඇතත් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ප්රධාන අංශ තුනක ඇතැම් නිලධාරීන්ට හා සේවකයනට මාසයකට පැය 150ක අතිකාල දීමනාවක් ගෙවන බව වාර්තා වේ.
විධායක නිලධාරින්ට රාත්රී 7.00 පසු නිවසට යාමට ආයතනයෙන් ප්රවාහන පහසුකම් ලබා දෙන අතර අතිකාල දීමනාවලට අමතරව, පැමිණීමේ දීමනාව සහ සියයට 4ක පොලියට වාහන ණය ලැබීමේ පහසුකම් ද හිමි වී තිබෙන බව ද එම වාර්තා සඳහන් කරයි.මීට අමතරව ප්රධාන පෙළේ අංශ තුනක සේවකයන් රාත්රී 10.00 දක්වා අතිකාල සේවාවල යෙදී සිටන අතර සෙනසුරාදා සේවය වෙනුවෙන් සතියේ දිනක නිවාඩුවක් ද හිමිවන බව දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේක විකුණලා දමන්න,
නිලදාරින්ට OT ගෙවන්න අපි වැඩි මිලට තෙල් ගන්න ඔනෙ . පාඩු ලබනව කියනව OT ගන්නව අනේ මන්ද.
ඉන්දන වල මිල වැඩි කරලා අතිකාල වියදමි මකාගනි
මාසයකට දවස් විස්සක් වැඩකරනවා යයි සිතා අතිකාල කාලය 24 න් බෙදුවොත් තවත් සතියක් මුන් වැඩ. ඒ කියන්නේ මාසෙකටම දවස් තුනක් හෝ හතරක කාලයයි මුන්ට නිවාඩු තියෙන්නෙ. කොහොමද රසය?
හොඳට හොයලා බැලුව නම් ගෙදර හිටපු වෙලාවටත් අතිකාග දාලා ඇති. විදුලියත් මේ ටිකම තමයි. වෘත්තිය සමිති අටවගෙක කරන්නෙම හොරකම වංචාව. මේවා පෞද්ගලික කරණය කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නෑ. බදු බරෙන් පණ අදිමින් ඉන්න ජනතාවට මේ හොරකම් වලටත් ගෙවන්න වෙලා
රාජ්ය සේවකයින් නැති පහසුකම් මේ සංස්ථා හා අර්ධ රාජ්ය මණ්ඩල සේවකයින්ට දෙන්න කිසිම සාධාරණ හේතුවක් නැත. මේ අය තරග විභාග සමත්වී දක්ෂතා මත පැමිණි අයද?