(යොහාන් භාසුර)
ජාතික ගමනාගමන කොමිසමේ ප්‍රධානියකුගේ මැදිහත්වීමෙන් දුර ගමන් සේවා තාවකාලික බස් රථ බලපත්‍ර 100 කට අධික සංඛ්‍යාවක් නිකුත්කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වාර්තා වේ.
උත්සව සමයේදී සහ විශේෂ අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීමට අැති තාවකාලික බස් රථ ගමන් බලපත්‍ර මෙසේ එම ප්‍රධානියා හිතවතුන්ට නිකුත් කර ඇති බවත් වසර ගණනාවක සිට නීත්‍යානුකූලව බස් රථ බලපත්‍ර ඉල්ලා ඇති බස් රථ හිමියන්ට බලපත්‍ර නිකුත් කර නැති බවත් ප්‍රවාහන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවැසීය.
ජාතික ගමනාගමන කොමිසම නිකුත් කර ඇති මෙම තාවකාලික බස්රථ ධාවන බලපත්‍ර පිළිබඳව ඉදිරියේ දී කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
අර සද්දෙ දාලා දෙන්න හදන, කංසා වවන බලපත්රවලටත් වෙන්නේ ඔය දේම තමයි. අන්තිමේ ඒ ටික බලපත්‍ර බෙදාගනීවි.