
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුගිය 20 වෙනිදා අනීතික හෝ අසම්මත කිසිවක් සිදුනොවූ බවත් ඒ සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොර බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ බිරිද ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම සඳහා එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක් ද, තේ පැන් සංග්‍රහය සඳහා මුදල් ද, ගෙවා ඇති බවත් එම සියලු පහසුකම් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ලබාගෙන ඇති බවත් සාගර කාරියවසම් මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
අනේ ඔව් , එයා දැන් තාපසයෙක් ! කාලකන්නි යක්කු !
හොරාගෙ අම්මා ගෙන් පේන ඇසීමි.
මෙයාද කපුටගෙ කුනු රෙදි හෝදන්නෙ??
ඒ ගෙවපු ඩොලර් ඇමරිකාවෙන් හොරකම් කරගෙන ආපු ඒවාද? ඒ ගොල්ලෝ ළඟ පුදුම ඩොලර් තොගයක්නේ තියෙන්නේ... මේ විදිහට වියදම් කරන්න.
මේ කරන අපරාධයට නම් මොවුන්ට හෙණ වදිනවා.
කපුටා ගෙවන්ඩ ඇත්තෙත් ලන්කාවෙන් ගසාකාපු ඩොලර් මිසක් වෙන මොනවද? දූෂිත පවුල් පාලනේ අය ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .ලෝකෙම දන්නවා .රටම හොරාකාලා කාබාසීනියා කරපු අය.
කපුටා ගෙවපු බිල් ඉදිරිපත් කරන්න මිනිස්සුන්ට දැනගන්න. අනේ සාගර, ඔයානම් නියම ඩෝබි කෙනෙක් නේද?
මේ අයට කවුද ප්‍රභූ කියන්නේ...? රටම කෑවා. රාජපක්ෂ පරපුරම හැඳිගෑවිලා යන්න ඕනෑ...!