
(අංජුල මහික වීරරත්න)
2022 වසරේ පළමු භාගයේ වගා කරන ලද වී ඇතුළු ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක් හා පොල් ගෙඩි මිලියන 93ක් වන සතුන් විසින් විනාශ කර ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සකස් කර ඇති ගොවි ජන- වන සත්ව ගැටුම් පිළිබඳව පර්යේෂණ වාර්තාව පවසයි.
වන සතුන් විසින් විනාශ කරන ලද එම ආහාර බෝග වල වටිනාකම රුපියල් මිලියන 30,215ක් යැයි එම වාර්තාව සඳහන් කරයි.
මෙම වාර්තාව පෙන්වා දෙන කාරණා අවධානයට යොමු කරමින් වන සතුන් විසින් මෙරට වගාවන්ට සිදු කරන හානි හා වන අලි - මිනිස් ගැටුම් වළක්වා ගැනීමට ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කර විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගැනීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්නිපිටිය අවට විශාල වඳුරන් ගැවසෙනවා. පොල් සියල්ල විනාශ කරනවා. මොකුත් ඉතිරි කරන්නේ නැහැ. ඉක්මන් විසඳුමක් අවශ්‍යයි...