(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ දේශපාලකයන් ආර්ථික අපරාධ කර ඇතැයි ජාත්‍යන්තරය විසින් නිගමනය කිරීම අරගලයේ තරුණ තරුණියන් ජනාධිපතිගේ පූල් එකට පැන නානවාට වඩා බරපතළ සිද්ධියක් බව දේශපාලකයන් අවබෝධ කරගත යුතු බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

අරගලයේ තරුණ තරුණියන්ගේ හැසිරීම රටේ බ්‍රෑන්ඩ් එකට ප්‍රශ්නයක් වී ඇතැයි අමාත්‍යවරයකුගෙන් ප්‍රකාශ වූ බව කී  අමරසූරිය මෙනවිය තරුණ තරුණියන් ගේ හැසිරීම බලන්නට පෙර පාලකයන්ගේ හැසිරීම බලන එක හොඳ යැයි ද කීය.

විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරිය මේ බව කීවාය.