අලුත් කොප් කමිටුවේ ඉන්නේ මොල හතාගේ අවතාර කෝප් කමිටුවට පත් කර තිබෙන්නේ මොල හතාගේ අවතාර ටිකක් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 04 October 2022
මන්ත්‍රීවරුන්ගෙන් සියයට 80කට ආරක්ෂක ගිනි අවි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට අසූවක් පමණ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවිය (පිස්තෝලය) ලබාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 04 October 2022
ඉන්ධන ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා කරයි සේවා රැසක් නැවතත් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 04 October 2022
දේශීය කිරිපිටි මිලත් ඉහළට දේශීය කිරි පිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදනකයන් පියවර ගෙන තිබේ. 04 October 2022
ජනපතිට අයිස්ලන්තයත් සුබ පතයි ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බව අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන් (Guoni Th.Johannesson) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කරයි. 04 October 2022
කඳුකරයේ ජලාශ කීපයක වාන් දොරටු විවර කරයි උඩරට මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්රිත ජල පෝෂක ප්‍රදේශයනගේ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට ජලාශ කීපයක වාන් දොරටු අද (04) දිනයේ විවෘත කර තැබීමට ජලාශයන් භාර ඉංජිනේවරු පියවර ගෙන තිබිණි. 04 October 2022
නැති වූ යතුරු පැදියක් සමග කොස්තාපල් මාට්ටු මහරගම නගරයෙන් අස්ථානගත වූ යතුරු පැදියක් භාවිතා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි . 04 October 2022
ඉන්දීය මහ කොමසාරිස් තිරුකෝණේෂ්වරම් යයි ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා තිරුකෝණේෂ්වරම් කෝවිලේ වැදපුදා ගත්තේය. 04 October 2022
බස්නාහිර ඇතුළු පළාත් කිපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 October 2022
අධිකරණයට අපහාස කළැයි සනත්ට එරෙහිව පෙත්සමක් ගෝඨා ගෝ ගම අරගලයට පහරදමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේදී මහේස්ත්‍රාත්වරු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කිරීම සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කොට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණයට අද (03) පෙත්සමක් ඉදිරිපත් කෙරිණී. 04 October 2022
වත්මන් අර්බුදවලට අරගල කරුවනුත් වගකිව යුතුයි අරගල කරන්න ඕනේ ගෙවල් හදන්න මිසක් ගෙවල් ගිනි තියන්න නොවෙි යැයිද අද රටේ ඇතිවෙලා තියෙන අර්බුදවලට අරගලකරුවනුත් වගකිව යුතු යැයිද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 03 October 2022
ජනතා පොරොන්දු පුස්සක් කර මැති ඇමති පොරොන්දු ඉටු කරලා අයවැය පොරොන්දු ඉටු ඉටුකිරීමට අපොහොසත් ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ට සහ පොහොට්ටුවට දුන් පොරොන්දු ඉටු කරමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අද (03) ප්‍රකාශ කළේ ය. 03 October 2022
ජනපති ධර්මරාජ්ට අවසන් ගෞරව දක්වයි අභාවප්‍රාප්ත ජනප්‍රිය නළු දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ගියේය. 03 October 2022
මහජන බැංකුවේ නිලවරණය වලකමින් වාරණක් මහජන බැංකුවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ 2022/2023 නිලවරණය පැවැත්වීම ලබන 17 වැනිදා දක්වා වලකාලමින් කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය අද (03) වාරණ නියෝගයක් නිකුත් කළාය. 03 October 2022
සමාගමකට බදු සහන දෙන නියමයට මුදල් සභාවේ අනුමැතිය නෑ සමාගමකට බදු සහන ලබාදීම සඳහා ඉදිරිපත් කෙරුණු ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් නොදීම හේතුවෙන් රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය අද (3) ලබා නොදුන්නේය. 03 October 2022
‘සිපෙට්කෝ’ තෙල් ඇනවුම් නොකරයි ‘සිපෙට්කෝ’ පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු බද්ද අය නොකරන්නේ යැයි කළ පොරොන්දුව කඩ කරමින් ඛනිජ තෙල් සංස්ථාව එම බද්ද අය කිරීමට විරෝධය දක්වමින් හෙට (4) දිනය සඳහා වන සියලුම ඇනවුම් අවංගු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (3) පස්වරුවේ පැවසීය. 03 October 2022
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව දීර්ඝ වෙයි පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (4 සහ 5) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (3) පස්වරුවේ පැවසීය. 03 October 2022
කාදිනල් තුමන්ගේ ආරක්ෂාව ගැන සොයා බලන්න මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ ආරක්ෂාවේ යම් අඩුවීමක් සිදුවී ඇති බවට වාර්තා වන්නේ යැයි ද ඒ පිළිබඳ සොයා බැලීමක් සිදු කරන ලෙස ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 03 October 2022
දුම්රිය නිල වෙබ් අඩවියේ තොරතුරු පරණයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘නිල වෙබ් අඩවිය’ නිසි පරිදි යාවත්කාලීන නොකිරීම නිසා දුම්රිය ගමන්වාර තොරතුරු ඇතුළු සියලු සේවා සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය හරහා තොරතුරු ලබා ගන්නා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රවාහන අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී තිබේ. 03 October 2022
කොටුව දුම්රිය පොළේ වතුරත් නෑ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ජල සැපයුම අද සහ ඊයේ (2) සහ අද (3) අත්හිටුවිමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය සේවකයෝ පවසති. 03 October 2022
බඩ ඉරිඟු වගාවට දිස්ත්‍රික්ක තුනක යූරියා බෙදයි මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක තුනකට අවශ්‍ය අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 175,000ක පළමු තොගය නිකුත් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 03 October 2022
ගොවීන්ට තුවක්කු දෙනවාට සත්ව අයිතින් සුරකින්නන් විරෝධයේ කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවීන්ගේ වගා ආරක්ෂාව සඳහා තුවක්කු ලබාදීමට කටයුතු සූදානම් කර ඇතිබව පවසා සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් රාජගිරිය වන ජීවි හා වන රක්ෂන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (03) විරෝධතාවක් පැවැත්විනි. 03 October 2022
උ.පෙළ කල් දැම්මොත් පාසල් 10,000ක් වහන්න වෙනවා අපොස උසස් පෙළ විභාගය පැවත්වීමේ දින තවත් මාස දෙකකින් කල් දැමුහොත් ඒ වෙනුවෙන් පෙබරවාරි මාසයේදී පාසල් දස දහසක් වසා දැමීමට සිදුවන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය. 03 October 2022
මූල්‍ය අර්බුදය ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරනවාද? නැද්ද? අක්රමිකවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න පිළිබද නියෝගය ලබන 07 වැනිදාට ප්‍රකාශයකට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දැනුම් දුන්නේය. 03 October 2022
කෝටි 532ක ආදායම් බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස්ට ඇප රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටි පර්පචුවල් ටේෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා රුපියල් ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය. 03 October 2022
මහනුවරටත් බහුවිධ ප්‍රවාහන පර්යන්තයක් ජාත්‍යන්තර මට්ටමේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයකට ඇතුළත් වන බස් හා දුම්රිය ඒකාබද්ධ ප්‍රවාහන සේවාවන් සහ පෞද්ගලික වාහන නවතා පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේ පහසුකම් ඇතුළු සියලු පහසුකම් සහිත බහුවිධ ප්‍රවාහන පර්යන්තයක් මහනුවර ස්ථාපිත කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 03 October 2022
95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159ක ලාභයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159.61 ක ලාභය ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 03 October 2022
මානව හිමිකම් කවුන්සිල යෝජනා ක්‍රියාත්මක කිරීම 6වැනිදා ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර් ධනය කිරීම යන මාතෘකාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන 51/1 යෝජනා කෙටුම්පත ක්‍රියාත්මක කිරීම සඳහා ලබන 6වැනිදා යොදා ගැනෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 03 October 2022
කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමුවෙති සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් (David McKinnon) සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලවෙ(ර්)තු (Eric Lavertu) මහතුවරු අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. 03 October 2022
නුවරඑළියේ නායයෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 03 October 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025