අත දාල ගිය අය යළි සාකච්ඡා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ සහ ස්වාධීන වූ මැති ඇමැතිවරුන් නැවත පක්ෂයට එක්වීම සඳහා එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. 26 March 2023
පවුල් ලක්ෂ 29කට නොමිලයේ සහල් හෙට සිට රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 March 2023
විදුලි කාර්මිකයාගේ දෑත් කැපූ කඩුව සොයා ගනී මොරටුවේ දී පුද්ගලයකු ගේ දැත් කැපූ කඩුව එගොඩඋයන මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබී අද පෙරවරුවේ සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ කොට්ඨාසය කියයි. 26 March 2023
අරගල අපට එපා වසන්ත යාපනයෙන් පන්නයි විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට බලකරමින් සාමාන්‍ය වැසියෝ පිරිසක් විරෝධතාවක නිරත වූහ. 26 March 2023
‘‘කාර් රේස් එපා අපට කරදරයි‘‘ මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාවන පථයේ අධික ශබ්දය හේතුවෙන් තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු කරගෙන යාමට බාධාවක බව පවසමින් ප්‍රදේශවාසීහු පිරිසක් මීරිගම කොටදෙනියාව මාර්ගයේදි උද්ඝෝෂණයක යෙදුනහ. 26 March 2023
බෝම්බයක් ගැන විහිළුක් කළ සිසුවාට තරයේ අවවාද කටුනායක ගුවන් තොටුපලේ පර්යන්ත (2) හි බෝම්බයක් ඇති බවට ජංගම දුරකථනයෙන් ව්‍යාජ ඇමතුමක් ලබා දුන් 14 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැරිය බව ගුවන් තොටුපල පොලීසිය පවසයි. 26 March 2023
රජයේ පඩි බිලෙන් බාගයක්ම හමුදාවේ ඇත්තන්ට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් තිදෙනකු කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණය වී ඇත. 26 March 2023
වී අස්වැන්නට මිලක් පතා පත්තිනි මෑනියන් හමුවට මහ කන්නයෙන් ලද වී අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් මහ කනදරාව ගොවීහු මහ කනදරාව වැව් බැම්ම මත පිහිටි පත්තිනි මෑණියන් උදෙසා කන්නලව්වක් සිදු කළෝය. 26 March 2023
රාජ්‍ය ආයතන 120ක් ඈවරයි පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය. 26 March 2023
ඡන්ද පත්‍රිකා ගහපු සේවකයන්ටත් කෝටි හතරක් ගෙවා නෑ පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා සේවයේ යෙදුණු රජයේ මුද්‍රණාල සේවකයන්ගේ දීමනා වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි හතරක මුදලක්ද මහා භාණ්ඩාගාරය මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ. 26 March 2023
ඉන්දියාවේ ඛනිජ තෙල් ලේකම් ජනාධිපති හමුවේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ ලේකම් පන්කජ් ජේන් මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කළ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. 26 March 2023
ඇමෙරිකාවේ නගර දෙකක් අතුරුදන් ඇමෙරිකාවේ මිසිසිපි ජනපදයට බිහිසුණු ටෝනේඩෝ සුළි සුළඟක් කඩා වැදුණු බවත් කුඩා නගර දෙකක් සුළි කුණාටුවට හසුවීමෙන් අතුරුදන් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි. 26 March 2023
මැතිවරණ තියන්න සල්ලි නෑ මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව, පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂ්ක් දාර් පවසා තිබේ. පාකිස්තානය මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. වත්මන් පාකිස්තාන රජය චෝදනා කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය නිසි ලෙස ආර්ථිකය කළමනාකරණය නොකළ බැවින් රට මෙම අර්බුදයට මුහුණ පා සිටින බවය. 26 March 2023
මහ මුහුදේ යන්න ගිය හතරක් බේරා ගැනෙති පානදුර මුහුදු වෙරළේ දිය නාමින් සිටි එකම පවුලේ සිව් දෙනකු දිය වැලකට හසුව ගසා ගෙන යමින් සිටියදී දිවි බේරා ගැනීමට පානදුර කොට්ඨාසයේ පොලිස් ජීවිතාරක්ෂක ගේ නිලධාරීහු අද සමත් වූහ. 25 March 2023
හෝමාගම වෙඩි තැබීමක් හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතර කර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට අද රාත්‍රියේ දී ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි හෝමාගම පොලිසිය කියයි. 25 March 2023
ක්‍රීඩා ක්ෂේත්රයේ ප්රගමනයට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක් මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ ප්රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ප්රමුඛ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 25 March 2023
ලංකාව ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න යයි ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ග ගත විද්වත් කථිකාවකට එක්වමින් පැවසුවේය. 25 March 2023
චීන ජාතිකයාට ගජමතු විකුණන්න ගිය 5ක් දැලේ රුපියල් ලක්ෂ එකසිය විස්සක මුදලකට ගජමුතු පහක් චීන ජාතික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම් සඳහා සුදානම් වූ මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවකයන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු අද (25) සැකපිට මාතලේ සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 25 March 2023
සම්බාහනය අස්සේ ජර්මන් කතට අතවර කරලා සම්භාහනය සඳහා පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර කළැයි කියන සම්භාහන සේවකයකු අද අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 25 March 2023
ළමා මන්දපෝෂණය සොයන්න විශේෂ කමිටුවක් ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබ ඇත. 25 March 2023
සැක යතුරු පැදි අටක් සමග ව්‍යාපාරිකයෙක් මාට්ටු රුපියල් කෝටි හතක් පමණ වටිනා අධිබලැති යතුරුපැදි අටක් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි . 25 March 2023
අධිකරණයට අපහාස කළ නීතිඥ දෙපළ අල්ලන්නැයි නියෝගයක් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව පෙත්සම්කාර පාර්ශවයකට හෝටල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක භුක්තිය බාර දීමට ගිය මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරිගේ සහ අධිකරණ පිසිකල්වරයාගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කරමින් මේක අත්සනක්ද? මේක ඉරි කෑල්ලක්නේ මේ නියෝගය දුන්නේ මොන බල්ලද? යන්න විමසමින් අධිකරණයට අපහාස කළ බව කියන නීතිඥවරයකු සහ නීතිඥවරියක වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් මැදවච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා 25 March 2023
ඇමති බන්දුලට හූවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක් දැක්වූවේ යැයි කියන පුද්ගලයකු පන්නා ගොස් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 25 March 2023
පොලිස්පති වික්‍රමරත්නට සේවා දිගුවක් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. 25 March 2023
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිරුවන්නේ නෑ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 25 March 2023
සිගරැට් වලින් කෝටි 4500ක පාඩුවක් සිගරැට් බදු නියමාකාරයෙන් අය නොකිරීම හේතුවෙන් රටට රුපියල් කෝටි 4500 ක් අහිමි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පපැවසීය. 25 March 2023
’’බොරු කුඩු පාර්සල්’’ පරික්ෂා කරන්න කෝටි තුනක් වතුරේ‘ දිවයිනේ ඇතැම් පොලිස් ස්ථානවලින් ඉදිරිපත් කෙරුණු ’’බොරු මත්ද්‍රව්‍ය සාම්පල’’ පරික්ෂා කිරීම සඳහා රුපියල් තුන්කෝටි හැට ලක්ෂයකට වැඩි මුදලක් අපතේ ගොස් ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. 25 March 2023
අපනයන ආදායම සියයට 8කින් පහළට ශ්‍රී ලංකාවේ 2023 වසරේ අපනයන අංශයේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා පෙන්වා දී ඇත.මෙම වසරේ පෙබරාවාරි මස ඇමෙරිකානු ඩොලර් බිලියන 1.0052 ක ආදායමක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයා තිබේ. 25 March 2023
කෝටියකට කන්න හැකි ආහාර 2021 දී විසි කරලා ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළු වලින් සියයට 19ක් හා පළතුරු වලින් සියයට 21ක් ප්‍රවාහනයේ දී විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. නිසි ප්‍රවාහන කටයුතු අනුගමනය නොකිරීම නිසා මෙලෙස පාරිභෝජනයට ගත නොහැකිව විනාශ වන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය. 25 March 2023
විදුලිබල මණ්ඩලයෙන් බාහිර පුද්ගලයන්ට පුහුණුව නෑ විදුලිබල මණ්ඩලය සහ වරාය අධිකාරිය ආදී ආයතනවලට ආණ්ඩුව මිලිටරිකරණය හඳුන්වාදීමට උත්සාහ කරන බවත් ඒ හේතුවෙන් විදුලිබල මණ්ඩලය ඉදිරියේදී කිසිදු බාහිර පුද්ගලයකුට පුහුණුව නොදීමට ඒකමතිකව තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසීය. 25 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026