(නිමන්ති රණසිංහ)
කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසින් පෙනී සිට එහි කාන්තා වැසිකිලියට ඇතුලු වී නිති පීඨයේ මහාචාර්යවරියකගේ අත්බෑගයේ තිබූ රුපියල් දහතුන්දහසක මුදලක් සොරා ගත්තැයි කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයකු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අනුරාධපුර 3 වන පියවර පදිංචි ආරියවංශ මුදියන්සේලාගේ ශෂික නමැති 27 හැවිරිදි තරුණයෙකි.
මෙම සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතු`ථ වී එහි කාන්තා වැසිකිලියට අනවසරයෙන් ගොස් එහි දොරගුලු කඩා මෙම සොරකම සිදුකර ඇති බවත්, සැකකරු එම ස්ථානයට ගිය ආකාරය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදුකරමින් සිටින බවත් කුරුදුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකරුට අධිකරණ ගණනාවක සොරකම් කිරීම්වලට අදාළ පවතින නඩු විශාල වශයෙන් පවතින බව ද කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සරසවි කාන්තා වැසිකිළියට රිංගූ හොරා රිමාන්ඩ්