
(සුජිත් හේවාජුලිගේ)
කන්ටේනර් 323ක් භෙෘතික පරික්ෂාවෙන් තොරව කොළඹ වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව දෙසැම්බර් 21ට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අදාල වාර්තාව සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව බවයි.
කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අතුරුදන්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් යන බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.
විමර්ශන කටයුතු සදහා කමිටුවේ කාලය මාස තුනකින් දිගු කර ගත් බවද ඔහු කීය.
හර්ෂණ නානායක්කාර මහතා මෙසේද පැවසීය.
"අද දින මම මුහුණු පොතෙත් සමාජ මාධ්‍ය ජාලාවලත් යම් අසත්‍ය තොරතුරක් සංසාරණය වෙනවා දැක්කා. ඒක තමයි කන්ටේනර් 323 සම්බන්ධයෙන් පත් කරපු කමිටුවේ වාර්තාව අතුරුදහන් වෙලා තියෙනවා කියන එක. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මම දන්නේ නෑ ඇයි ඒ වගේ විකෘති අදහස් සමාජගත කරන්නේ කියලා. ඔබලා දන්නවා ඒ කමිටුව පත්කළේ කතානායකවරයා . ඒ පත් කරලා සාක්ෂිකරුවන් දහසය දෙනෙකුගේ සාක්ෂි මෙහෙව්වා. ඒ හැම කොළයක්ම පාර්ලිමේන්තුවේ තිබෙනවා."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd