ධීවරයන් වෙනුවෙන් සජිත්ගෙන් යෝජනාවක් ඉන්ධන සහ භූමිතෙල් මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් සමස්ත ධීවර ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණදී සිටින හෙයින් ඔවුනට කඩිනම් සහනයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (04) පැවසීය. 04 October 2022
කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකුව සිටී කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ගෝලයෙකු හොරොයින් සමග ඊයේ (3) සවස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 04 October 2022
අයි.එම්.එෆ් ගිවිසුම කමිටුවලට දෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට අවතීර්ණවූ පසු ඒ පිළිබඳ විස්තර අදාළ කමිටුවලට ලබාදීමට සූදානම් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය. 04 October 2022
දූපත් සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට යයි ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපනය කිරීමට යයි. 04 October 2022
බුද්ධිමත් අපිව කෝපා කමිටුවෙන් හලලා කෝපා කමිටුවෙි සිටි තමා ඇතුළු බුද්ධිමතුන් ටික මෙවර ඉවත්කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 October 2022
ආහාර ප්‍රතිපත්ති කමිටුව පිහිටුවීමට කැබිනට් අනුමැතිය ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් ආහාර ප්‍රතිපත්ති කමිටුව පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 04 October 2022
විශ්‍රාම වයස සංශෝධනයට චක්‍රලේඛ නිකුත් කිරීමට අනුමැතිය රජය සතු ව්‍යවසායන්හි සේවයේ නියුතු සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60ක් ලෙස සංශෝධනය කිරීමට අදාළව විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 04 October 2022
අපි කාගෙවත් නම් කැපුවේ නැහැ කෝප් එකට පත් කරද්දී අපිනම් කාගෙවත් නම් කැපුවේ නැහැ.නම් කැපුවෙ ආණ්ඩුවෙන් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.එතකොට මොල හතානෝ කියලා මන්ත්‍රීවරයෙකුත් නෑනේ යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය. 04 October 2022
සනත් ජයසූරිය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙස පත්කර තිබේ. 04 October 2022
මම පුම්බපු මහාචාර්ය කෙනෙක් නොවේ තමුන්නාන්සේලා පුම්බන මහාචාර්යවරුන්ට ඇත්ත මහාචාර්ය කමක් තිබෙනවා යැයි පුළුවන් නම් ඔප්පු කරන්නැයි පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා:- (පොපෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 October 2022
කෝප් එකට චරිත පත් කරන්න පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් කමිටුව ) සඳහා එම කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා සාමාජික මන්ත්‍රීවරයකු ලෙස නැවත පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) යෝජනා කළේය. 04 October 2022
’’පුරවැසියන් 225ට නිවන් පතනවා’’ පුරවැසියන් 225ට නිවන් ඇර වෙන දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:-(පොපෙ) පැවසීය. 04 October 2022
අලුත් කොප් කමිටුවේ ඉන්නේ මොල හතාගේ අවතාර කෝප් කමිටුවට පත් කර තිබෙන්නේ මොල හතාගේ අවතාර ටිකක් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 04 October 2022
මන්ත්‍රීවරුන්ගෙන් සියයට 80කට ආරක්ෂක ගිනි අවි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට අසූවක් පමණ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවිය (පිස්තෝලය) ලබාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 04 October 2022
ඉන්ධන ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා කරයි සේවා රැසක් නැවතත් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 04 October 2022
දේශීය කිරිපිටි මිලත් ඉහළට දේශීය කිරි පිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදනකයන් පියවර ගෙන තිබේ. 04 October 2022
ජනපතිට අයිස්ලන්තයත් සුබ පතයි ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බව අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන් (Guoni Th.Johannesson) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කරයි. 04 October 2022
කඳුකරයේ ජලාශ කීපයක වාන් දොරටු විවර කරයි උඩරට මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්රිත ජල පෝෂක ප්‍රදේශයනගේ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට ජලාශ කීපයක වාන් දොරටු අද (04) දිනයේ විවෘත කර තැබීමට ජලාශයන් භාර ඉංජිනේවරු පියවර ගෙන තිබිණි. 04 October 2022
නැති වූ යතුරු පැදියක් සමග කොස්තාපල් මාට්ටු මහරගම නගරයෙන් අස්ථානගත වූ යතුරු පැදියක් භාවිතා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි . 04 October 2022
ඉන්දීය මහ කොමසාරිස් තිරුකෝණේෂ්වරම් යයි ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා තිරුකෝණේෂ්වරම් කෝවිලේ වැදපුදා ගත්තේය. 04 October 2022
බස්නාහිර ඇතුළු පළාත් කිපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 October 2022
අධිකරණයට අපහාස කළැයි සනත්ට එරෙහිව පෙත්සමක් ගෝඨා ගෝ ගම අරගලයට පහරදමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේදී මහේස්ත්‍රාත්වරු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කිරීම සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කොට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණයට අද (03) පෙත්සමක් ඉදිරිපත් කෙරිණී. 04 October 2022
වත්මන් අර්බුදවලට අරගල කරුවනුත් වගකිව යුතුයි අරගල කරන්න ඕනේ ගෙවල් හදන්න මිසක් ගෙවල් ගිනි තියන්න නොවෙි යැයිද අද රටේ ඇතිවෙලා තියෙන අර්බුදවලට අරගලකරුවනුත් වගකිව යුතු යැයිද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 03 October 2022
ජනතා පොරොන්දු පුස්සක් කර මැති ඇමති පොරොන්දු ඉටු කරලා අයවැය පොරොන්දු ඉටු ඉටුකිරීමට අපොහොසත් ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ට සහ පොහොට්ටුවට දුන් පොරොන්දු ඉටු කරමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අද (03) ප්‍රකාශ කළේ ය. 03 October 2022
ජනපති ධර්මරාජ්ට අවසන් ගෞරව දක්වයි අභාවප්‍රාප්ත ජනප්‍රිය නළු දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ගියේය. 03 October 2022
මහජන බැංකුවේ නිලවරණය වලකමින් වාරණක් මහජන බැංකුවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ 2022/2023 නිලවරණය පැවැත්වීම ලබන 17 වැනිදා දක්වා වලකාලමින් කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය අද (03) වාරණ නියෝගයක් නිකුත් කළාය. 03 October 2022
සමාගමකට බදු සහන දෙන නියමයට මුදල් සභාවේ අනුමැතිය නෑ සමාගමකට බදු සහන ලබාදීම සඳහා ඉදිරිපත් කෙරුණු ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් නොදීම හේතුවෙන් රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය අද (3) ලබා නොදුන්නේය. 03 October 2022
‘සිපෙට්කෝ’ තෙල් ඇනවුම් නොකරයි ‘සිපෙට්කෝ’ පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු බද්ද අය නොකරන්නේ යැයි කළ පොරොන්දුව කඩ කරමින් ඛනිජ තෙල් සංස්ථාව එම බද්ද අය කිරීමට විරෝධය දක්වමින් හෙට (4) දිනය සඳහා වන සියලුම ඇනවුම් අවංගු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (3) පස්වරුවේ පැවසීය. 03 October 2022
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව දීර්ඝ වෙයි පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (4 සහ 5) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (3) පස්වරුවේ පැවසීය. 03 October 2022
කාදිනල් තුමන්ගේ ආරක්ෂාව ගැන සොයා බලන්න මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ ආරක්ෂාවේ යම් අඩුවීමක් සිදුවී ඇති බවට වාර්තා වන්නේ යැයි ද ඒ පිළිබඳ සොයා බැලීමක් සිදු කරන ලෙස ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 03 October 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025