(ඉන්දිකා රාමනායක)
ගාල්ල දඩල්ල ප්‍රදේශ පැවැති ඩී ජේ සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර , තවත් පුද්ගලයකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ගාල්ල පියදිගම ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්මක අපරාධ කොට්ඨාස අද (22) අත්අඩංගුවට ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, පතරොම් ගැබක් හා එම උණ්ඩ 03 ක් තිබු බව පොලිසිය පවසයි.
ඉකුත් අප්‍රේල් මස 15 දින දඩල්ලේ පැවැති සංගීතය අතරතුර සිදු වු වෙඩි තැබීමතින් (36) හැවිරිදි පුද්ගලයකු මියගොස්, තවත් (18) හැවිරිදි තරුණයකු තුවාල ලැබීය.
මෙම ඝාතනය නීති විරෝධී මත්පැන් පෙරීම සම්බන්ධයෙන් පැවති ආරවුලක් මුල් කරගෙන සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා ගාල්ල හා ගිංතොට පදිංච වයස අව්රුදු 32,30 යන වයස්වල පසුවන්නන් බවත්, ඔවුන් හෙට (23) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සංගීතෙට වෙඩි තැබූ දෙකක් අල්ලයි