(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට නොමිලේ බෙදා දීමට රජය මගින් දුන් සහල් තොගයකින් කොටසක් සමග ජනබලවේගයේ වල්පාළුව කලාප සංවිධායකයා හොර රහසේ අලෙවි කර ඇති බවට වල්පාළුව සමෘද්ධිලාභීහු චෝදනා කරති.
අඩු ආදායම්ලාභීන් වෙත බෙදාදීමට රජයෙන් කිලෝ 10 බැගින් වූ උරවල අසුරා තිබූ සහල් තොගයක් මෙසේ වල්පාළුව සජබ කලාප සංවිධායකයාගේ නිවසේ දී බෙදා දී ඇති අතර, එහිදී ඉතිරි සහල් තොගය රහසේ මෙසේ විකුණා ඇති බවත් ඔවුහු පවසති.
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අංක 658 ඒ ග්‍රාම නිලධාරි වසමට අයත් වල්පාළුව ගම්මානයේ මෙම සිද්ධිය වී ඇති බව සමාද්ධිලාභීහු සඳහන් කරති.
කෙසේ වෙතත් එම සිද්ධිය දැනගත් වල්පාළුව සමෘද්ධි නිලධාරිවරයා මේ පිළිබඳව සජබ කලාප සංවිධායකවරයාගෙන් විමසා ඇති අතර ඔහු එය සනාථ කරගෙන ඇති බවත් පසුව සහල් විකුණූ ස්ථානවලට ද ගොස් එය තවදුරටත් තහවුරු කරගෙන ඇති බවත් කියති.
පසුව එම සහල් තොගය අලෙවි කළ ස්ථානවලින් සහල් නොලැබීම හේතුවෙන් වෙනත් සහල් තොගයක් ලබා දීමට අදාළ පර්ෂ ද සංවිධායකවරයා කටයුතු කර ඇති බව ද වාර්තා වේ.
මෙම සිද්ධිය පිළිබඳව විමසීමේ දී මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් ලක්ෂිකා මිගෙල්ලආරච්චි මහත්මිය පැවසුවේ අදාළ පුද්ගලයා එම සහල් තොගය ලබාදුන් බවත්, එම සිද්ධිය ඉන්පසුව අවසන් වූ බවත්ය.
මේ පිළිබඳව ඉදිරි පරීක්‍ෂණයක් සිදුවනවාදැයි කළ විමසීමේ දී ඇය කීවේ එවැනි පරීක්‍ෂණයක් අවශ්‍ය නොවන බවත්, අලෙවි කර තිබූ සහල් වෙනුවට වෙනත් සහල් තොගයක් ලබාදීමෙන් පසු සිද්ධිය අවසන් කළ බවත්ය.
මෙම චෝදනාව එල්ලවන සජබ වල්පාළුව කලාප සංවිධායක අනුර බණ්ඩාර අබේසිංහ මහතාගෙන් කළ විමසීමේ දී ඔහු කීවේ එවැනි දෙයක් සිදුවී නැති බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නිකන් දුන්න හාල් සජබ සංවිධායක විකුණලා
Perera Tuesday, 23 May 2023 12:22 AM
මෙහෙම එවුන්ටත් සජබෙන් නාම යෝජනා දෙනවානම් සජබෙන් වැඩක් තියනවද ?
ලුම්බිණි Tuesday, 23 May 2023 05:16 AM
"ප්‍රාදේශීය ලේකම් ලක්ෂිකා මිගෙල්ලආරච්චි මහත්මිය පැවසුවේ අදාළ පුද්ගලයා එම සහල් තොගය ලබාදුන් බවත්, එම සිද්ධිය ඉන්පසුව අවසන් වූ බවත්ය." මෙන්න නියම නිලධාරින්. හොරකම විනෝදෙට කරලා වගෙයි. සමහරවිට පාර්ලිමේන්තු යන්න ඉස්සරවෙලා පුහුණුවක් වෙන්න ඇති.
ravin Tuesday, 23 May 2023 06:05 AM
ඉස්සර කිවුවේ අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ කියලා.දැන් කියන්න වෙලා තියෙන්නේ මුන් ඔක්කොම හොරු කියලා
Lalla Tuesday, 23 May 2023 08:06 AM
කිසිම දෙයක් නිකම්ම දෙන්න ඕන නෑ. දූෂණයට මුල....රටක් ගොඩ ගන්න නම් සෑම අයෙක්ම වැඩ කරන්න ඕන. පින්පඩිකාරයන් කියන්නේ පිළිකාවක්....