( මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ග්රූම් 02 ක් ලඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (22) නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නඩරාජා රවීන්ද්‍රන් හෙවත් රවී නමැත්තාටය.
2014 වර්ෂයේදී වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 02.39 ක් ලඟ තබා ගැනීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හෙරෝයින් ග්‍රෑම් දෙකට දිවි ඇති තෙක් හිරගෙට
කිරිපුතා Monday, 22 May 2023 06:12 PM
ගෝනිගණන් ගේන අය...
නිහාල් Tuesday, 23 May 2023 07:53 AM
පාර්ලිමේන්තුවට
ලුම්බිණි Tuesday, 23 May 2023 05:08 AM
මිනී මරලා අහුවෙච්ච උන් ඉන්න පාර්ලිමේන්තුවක් තියෙන රටක මේකත් දඬුවමක්ද?
පුෂ්ප කුමාර Tuesday, 23 May 2023 07:36 AM
ලොකු අය ඇල්ලුවාම රටේ ඉන්න ලොකුම අය හෙලිකොප්ටර් එකේ ගෙදරට ගිහින් ඉඹලා බේරගනිල්ලා. පොඩි එකාව ඇතුලේ යවලා මතට තිතක් තියල්ලා
Rata Perata Tuesday, 23 May 2023 11:29 AM
ලංකාවේ අධිකරණය ගැන කවර කතාද?