(යොහාන් භාසුර)
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුලු වූ චීන ජාතිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් අද පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ පස්වරුවේ අදාල චීන ජාතිකයා බත්තරමුල්ලේ පිටිහි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට කැඳවා ප්‍රශ්න කිරීම ආරම්භ කළ බවත් ප්‍රශ්න කිරීම තවමත් ක්‍රියාත්මක බවත්ය.
චීන භාෂා පරිවර්ථකයෙක් ද යොදාගෙන එම ප්‍රකාශය ගැනිමන් සිටින බව ද ඉලුක්පිටිය මහතා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චීනාගෙන් ප්‍රශ්න කරයි
ගජමිතුරු Tuesday, 23 May 2023 06:19 AM
චීනා වගේම ඔහුට නීති කඩා ඇතුළු වීමට පහසුකම් සැලසූ ඇමතියාගෙනුත් ප්‍රශ්න කරන්න කියලා තෙරුම්ගන්න බැරිද
පුෂ්ප කුමාර Tuesday, 23 May 2023 07:31 AM
මොන විහිලු ද මේ? වෙන රටක නම් හොර පාස්පෝට් එකකින් එන එකාට රටට ඇතුල් වෙන්න දෙනවද? එහෙමම හරවලා යවනවා. දේශපාලුවන්ට මොකක්ද තියන අයිතිය එහෙම එකෙක්ව රටට ගන්න කියලා ලියුම් ගහන්න?
Lalla Tuesday, 23 May 2023 08:12 AM
ප්‍රශ්න කල යුතු අරුන්දික ප්‍රනාන්දුගෙන්... හොරු ගෙන්නගෙන ජාත්‍යන්තර වංචා කරන්න කටයුතු කරනවට... කතා කල විදියටම තේරෙනව යටි අරමුණු ඇතිව කරන දේවල් බව. ඉස්සර එතනෝල් ජාවාරමටත් ගෑවිලා ඔය විදියටම චව් චව් ගාල බේරුනා මතකයි... මේ අය දූෂණය ජීවිකාව කරගත් අය....