IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලක්ෂ 80ක මැණික මාරු කළ දෙදෙනා මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර පේරාදෙණිය පාරේ විදේශිකයන්ට මැණික් අලෙවිකරන ප්‍රධාන පෙළේ මධ්‍යස්ථානයකට පැමිණ මැණික් මිලදී ගන්නා මුවාවෙන්රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනාමැණික් ගලකට ව්‍යාජ මැණිකක් මාරු කළ දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවමහනුවර මූලස්ථාන පොලිසිය කියයි .

මොවුන් දෙදෙනා කෝටිපති ව්‍යාපාරිකයන් බව හඟවමින්ඉකුත් 20 වැනි දින තවත් තැරැව්කාර පුද්ගලයෙක්  සමග පැමිණ අදාල මැණික් අලෙවි මධ්‍යස්ථානයේමැණික් පරික්ෂා කරමින් සිටආපසු ගිය අවස්ථාවේදී එහි තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණවටිනා කමකින් යුත් මැණික් ගලක බර වෙනස් වීම සම්බන්ධයෙන් පරික්ෂා කිරීමේ දී එය ව්‍යාජ මැණික් ගලක් බවටඑහි අලෙවිකරුවන්ටතහවුරු වීමෙන් පසුඅදාළ පුද්ගලයන්ට එරෙහිව මහනුවර මූලස්ථාන පොලීසියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව පොලිස් විමර්ශන ආරම්භ වී තිබුණි .

කෝටිපති ව්‍යාපාරිකයන් බව හඟවමින් ඔවුන් සමගපැමිණිකොළඹ ප්‍රදේශයේතැරැව් කාර පුද්ගලයාඅත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීඑම වංචනිකයන්ගේ සුලමුලපොලිසියට හෙළිව තිබේ .

මැණික් අලෙවි මධ්‍යස්ථාන වල තබා ඇති වටිනා මැණික් වල වර්ණය සහ හැඩයතැරැව්කරුවන් මගෙන් වට්ස්අප් මාර්ගයෙන් ගෙන්වාගන්නා මෙම වංචනිකයන්ඒ හා සමාන විදුරු ගල් කපා හැඩ දමාඑමතැරැව් කරුවන් සමගමඅදාල මැණික් අලෙවි මධ්‍යස්ථාන වලට පැමිණමැණික් පරික්ෂා කරමින් සිටියදී ඊට ව්‍යාජ ගල යොදා නියම මැණික සඟවා ගෙන යාමමොවුන් විසින් සිදු කොට ඇති බවපොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

මේ ආකාරයට මෙම වංචනිකයන් දෙදෙනාමහනුවර නගරයේ මැණික් අලෙවි මධ්‍යස්ථානයකින් සහ කොළඹ ප්‍රදේශයේ මැණික් අලෙවි මධ්‍යස්ථානය කින්මැණික් හොරකම් කොට ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

කොළඹ ප්‍රදේශයේ සහ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන සැකකරුවන් අද (23) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

 



අදහස් (0)

ලක්ෂ 80ක මැණික මාරු කළ දෙදෙනා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site